නිදහස් මතවාදිත්වය

නිදහස් මතවාදිත්වය

Sunday, March 8, 2015

Concept model of social development


ළමාඅයිතීන් සුරැකීම සහ අපචාර වැළැක්වීම උදෙසා විභව්‍ය සමාජ   විද්‍යාත්මක ප‍්‍රවේශයන්

Concept model of social development

සමාජ සංවර්ධනයේ සංකල්ප ආකෘති
               
          අන්තර්පුද්ගල සබදතාවන් ක‍්‍රියාකාරීත්වයන් මත ගොඩනැගෙන සමාජ ජාලයන් හා අවශේෂව ගොඩනැගෙන සබදතාවන් පිළිබද අවධානය යොමු කරන සමාජ විද්‍යාත්මක දෘෂ්ඨිකෝණයන් අතරෙහි සමාජ හැරවුම් ප‍්‍රවේශයන් පිළිබද සමාජ ගොඩනැගීම් පිළිබද මෙන්ම බිදවැටීම් පිළිබදව ද නොඅඩු වශයෙන් තෙවැනි ඇස යොමු කර ඇත. කෙසේ වුවත් එම න්‍යායය සංකල්ප ආකෘතික දැනුම ඒ ඒ සමාජයන්හී උපයෝජනයේ ඇති විය හැකි යම් යම් ගැටලු සහගත තත්ත්ව මතුයෙහි එහි විශ්වීය භාවය පිළිබද ඇති ගතිකයන් නිසාවෙන් කාලානුරූපීව අවධානයෙන් බැහැර වී තිබෙන්නට පුලුවන. නමුත් යුරෝපීය රටවල් තම සමාජ සංවර්ධන කාර්යයේදී තාත්වික ලෙස එම හරයන් භාවිත කරන අතර එහි ඵලයන්ද සපේක්‍ෂව ප‍්‍රමාණාත්මක බවින් වැඩිය. ශ‍්‍රි ලංකාව වැනි දියුණු වෙමින් පවතින සමාජයන් එම භාවිතයන් පිළිබද තර්කානුකූලව විශ්ලේෂණය මගින් මෙම සමාජයන්හී අවසංවර්ධිත ක්‍ෂේත‍්‍රයන්ට යොදාගැනීම කාලෝචිතව ඉතා වැදගත් වේ.

            ඒ අනුව මෙම ලිපිය අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ ව්‍යවහාරික සමාජ විද්‍යවේ ඉදිරිපත් කර ඇති සංවර්ධනාත්මක සංකල්ප ආකෘතියක් පිළිබදව ය. සමාජ සංවර්ධනය උදෙසා විවිධ සමාජ විද්‍යාඥයින් ඉදිරිපත් කර ඇති පැරණි සහ නූතන සංකල්ප ආකෘති ගණනාවක් සොයාගැනීමට ඇත.ඇතැම් සංකල්ප පවතින සංකල්පවල ඇති ගැටලු වලට පිළියම් ලෙස ඉදිරිපත් කොට ඇත. සමහර සංකල්ප පවතින සංකල්පයන්ගෙන් ආමන්ත‍්‍රණය කළ නොහැකි සමාජයන් සංවර්ධනය උදෙසා ඉදිරිපත් වූවක් විය. කෙසේ වෙතත් වැදගත් වන්නේ අදාල සමාජ ක්‍ෂේත‍්‍රයන් හී යොදා ගැනීම එහි උපයෝගීතාවය සැලකිල්ලට ගෙන එහි ප‍්‍රථිපලය පිළිබදව වන උපකල්පනයේ පවතින වටිනාකම සලකා බලා ක‍්‍රියාත්මක කිරීමය. වඩා වැදගත් වන්නේ කිසිවක් නොකර සිටිනවාට වඩා අදාල යම් දෙයක් හෝ කිරීම පමණකි.

            සමාජ සංවර්ධනයේ විවිධ සංකල්ප අතරින් මෙම ලිපිය තුලදී සාකච්ජා කෙරෙනුයේ ප‍්‍රයෝජනයට ගත යුතුම වූ නමුත් එහි භාවිතය පිළිබද සමාජ ක‍්‍රියාධරයන්ගේ අවම පෙළඹිමක් ඇති සංකල්පයක් පිළිබදව වේ.


               Entrepreneurship model
                ව්‍යවසායකත්ව ආකෘතිය

              ව්‍යවහාරික සමාජ විද්‍යවේ භාවිත මෙම ආකෘතිය ආර්ථික විද්‍යවේ ඇති යම් යම් අදහස්ද මෙයට බලපා ඇති බව කිව යුතුය. කෙසේ වුවත් මූලිකවම මෙම සංකල්ප ආකෘතිය නිර්මාණය කිරීමෙහිලා කාල් මාක්ස් වේබර් ආදීන්ගේ අදහස් පාදකව ඉදිරිපත්වී ඇත.ඒ අනුව මෙම ව්‍යවසායකත්ව ආකෘතියේ ප‍්‍රධාන ලක්‍ෂණ කිහිපයක් ඇත. නැතහොත් ව්‍යවසායකත්ව ආකෘතිය භාවිත කරමින් සමාජ සංවර්ධනයට දායක වන්නෙක් තුළ හෝ එම ක‍්‍රියාවලිය තුළ ඇති විශේෂ ලක්‍ෂණ වේ.


                        1.    Innovative

                  2.   Take the risk

                  3.   Accurate management function
              4.   Brokerage

නව දෙයක් ඉදිරිපත් කිරීම

             පුද්ගලයා උපතින්ම නවදෙයක් ලැබීමට විදීමට බැලීමට කිරීමට ඇති කුතුහලය ආදී සහජාශයන් පුද්ගල මනෝසමාජීය ලක්‍ෂණයන් වේ. එබැවින් ඒ කෙරෙහි පුද්ගලයා නව අර්ථ කථනයක් ලබාදීමට මෙන්ම ඒ කෙරෙහි ප‍්‍රමුඛතාවයක් ලබාදීමට සහජාශය පොළඹවයි.  නමුත් සමාජ සංවර්ධන කාර්යයෙදී පුද්ගලයා යම් යම් හේතු සාධක මත මෙම පෙළඹවීම් වල බෙලහීන තත්ත්වයකට පත්ව ඇති බව පෙනේ. නමුත් අතීත සමාජයන් දෙස බැලීමේදී එහි ප‍්‍රගමනයන් කෙතරම් දුරට සමාජ සංවර්ධනයට බලපා ඇත්ද යන්න පිළිබදව විමසා බැලිය හැකිය. උදාහරණයක් ලෙස යුරෝපය මූලිකව ධනවාදය බිහිවීමෙහිලා ප්‍රොතෙස්තන්ත ආචාර ධර්ම වල බලපෑම පැවතුණ ක‍්‍රමය අභියෝග කර නව අදහස් ක‍්‍රියාත්මක වීම සමාජ පෙරලියේ මූලික ආකෘතික ලක්‍ෂණය විය.

           ශ‍්‍රි ලංකාව සම්බන්ධයෙන් සමාජ සංවර්ධන කාර්යයේදී උපයෝජනය සම්බන්ධයෙන් උදාහරණ දැක්වුවහොත් වරින් වර එවැනි නව ක‍්‍රම ඉදිරිපත් කර ඇති බව සොයාගත හැකිය.
ශි ලංකාවේ ස්ති පුරුෂ සමාජ භාවීය අගනාකම් අනුව කරන රැකියාවන්හී ඒකාකාරී තලයක ගමන්ගත් රැකියා කාලයක් පැවතුණී.  කෙසේ වුවත් සමාජ ආර්ථික පරිසරය වෙනස් වීමට භාජනය වීමත් සමග කාන්තාවන් ගතානුගතික අදහස් ඉක්මවා බස් කොන්දොස්තර වරුන් ලෙසල තිවිල් රියදුරන් ලෙස රැකියාව තොරාගැනීම අන් කාන්තාවන්ගේ සාම්ප‍්‍රධායික අදහස් බිද දමන පුරුෂාධිපත්‍යය අභියෝග කරන නව්‍යවාදී චින්තනයක් විය. එය සමාජ සංවර්ධනයේ ආකෘතික ලක්ෂණයක් විය.

            ශ‍්‍රි ලංකාවේ ස්ත‍්‍රි පුරුෂ සමාජභාවීය අගනාකම් අනුව කරන රැුකියාවන්හී එ්කාකාරී බවක් තිබුණි. කෙසේ වුවත් සමාජ ආර්ථික පරිසරය වෙනස් වීමත් සමග කාන්තාවන් බස් කොන්දොස්තරවරියන් ලෙස ත‍්‍රීවීල් රියදුරන් ලෙස රැුකියාවන් ආරම්භ කිරීමත් සමගම සමාජ වර්ධනයේ සුවිශේෂී වෙනස් කම් ඇති විය. එමෙන්ම ප්ලෑන් ශ‍්‍රි ලංකා ආයතනය විසින් වතු ආශ‍්‍රිතව අධ්‍යාපන ලබන දරුවන් වෙනුවෙන් හදුන්වා දුන් විජය පුවත්පත් මගින් එහි අධ්‍යාපනය නගා සිටුවීම කෙරෙහි කළ බලපෑම මෙහිදී සාකචිඡුා කළ හැක.නව ණයයෝජනා ක‍්‍රම හදුන්වා දීම ලී ගිණිකූරු වෙනුවට ඉටි ගිණිකූරු හදුන්වා දීම ....... ආදී උදාහරණ මේ යටතේ සාකචිජා කළ හැකිය.
මෙම සංකල්පය ළමා අපචාර වැළැක්වීම විෂයෙහි භාවිත කළ හැක්කේ කෙසේ ද භාවිත කළ හැකිද

             ළමා අපචාර වැළැක්වීම උදෙසා සමාජ ක‍්‍රියාධරයන් මෑතකදී යොදාගත් වැදගත් සංකල්පයක් ලෙස ළමා අපයෝජන සම්බන්ධ සියළු තොරතුරු හෝ එවන් අවධානම් සහගත තත්ත්ව වලදී ක්‍ෂණික දුරකථන මාර්ග හදුන්වා දීම  1929 එවැනි ප‍්‍රායෝගිකව වැදගත් වූ ව්‍යවසායකත්ව ලක්‍ෂණයකි. මෙය සමාජ සංවර්ධනයට සම්බන්ධ වන්නේ කෙසේ ද මීට පෙර ළමා අපචාරයක් අපරාධයක් සම්බන්ධයෙන් බොහෝදුරට ඒ සම්බන්ධ අදාල ආයතන වලට පැමිණිලි කිරීමට ඇතැම් අය බිය වීම ඇතැම් විට එවන් සිදුවීමක් දුටුවද ඒ සදහා කාලය වියදම් කළ නොහැකි බැවින් එවැනි සිදුවීම් වාර්තා වීම අවම මට්ටමක පැවතුණි. එබැවින් මෙම කෙටි දුරකථන අංකය හදුන්වා දීම මගින් සැබෑ සිදුවීම් මතුපිටට නොපෙනුනු සිදුවීම් ඉතා වේගයෙන් නිරාවරණය වීම සිදුවිණි. ඒ අනුව ළමාරක්‍ෂක අධිකාරිය මෙම ක‍්‍රමය සාර්ථක ලෙස යොදා ගන්නා බව පෙනේ.
 අවදානම් භාර ගැනීම

             ව්‍යවසායකත්ව සංකල්පයේ ඉතා වැදගත් ලක්‍ෂණයක් ලෙස මෙම කරුණ විග‍්‍රහ කළ හැක. බොහෝ සමාජ විද්‍යාඥයන් ඉදිරිපත් කරන සංකල්ප න්‍යායන් ඉදිරිපත් කළද එම සංකල්ප න්‍යායන් ප‍්‍රායෝගිකව භාවිත කිරීම  ම අවධානමක් භාර ගැනීමකි. යමක් කිරීමට පෙර එහි 100/ ක ප‍්‍රථිථල අපේක්‍ෂා කළ නොහැක. පවතින දෙයක් වැඩි  දියුණු කිරීම හෝ නව දෙයක් ඉදිරිපත් කරමින් පවතින දෙය වෙනස් කිරීම යනු එහි අවධානම භාර ගත යුතුය. අවධානම භාර ගැනීමට නම් හදුන්වා දෙන සංකල්පය තුල දායකයා සහ ග‍්‍රාහකය අතර පැහැදිලි සබදතාවක් විශ්වාසනීයත්වය පිළිබද තක්සේරුවක් මගින් මෙම අවධානම භාර ගැනීම ඉතා වැදගත් වේ.

            ශ‍්‍රි ලංකාවේ වත්මන් සංවර්ධන ක‍්‍රියාදාමය තුළ නව ව්‍යාපෘති ගණනාවක් දියත් කෙරිණි. මෙම ව්‍යාපෘති දෙස අවබෝධයෙන් යුතුව සලකා බැලී්මේදී යම් යම් යෝජනා පවතින තත්ත්වයන් නගා සිටුවීමට කළ ව්‍යාපෘති වේ.එමෙන්ම බොහෝ ව්‍යාපෘති ශ‍්‍රි ලංකාවට නව සංකල්ප විය. ඒවා තුළ පැහැදිලිව අවධානම් සහගත ව්‍යාපෘති වේ. හම්බන්තොට වරාය අධිවේගී මාර්ග මත්තල ගුවන් තොටුපල වැනි ව්‍යාපෘති අවධානම සමග දියත් කළ සංවර්ධන යෝජනා විය. අධිවේගී මාර්ග ගතහොත් බහුතර පිරිසකගේ නිවාස ඉඩම් අහිමිවීම් පරිසර පද්ධතියට වන හානි පරිසර පද්ධතියේ වන අක‍්‍රමිකතා මූල්‍ය පරිපාලනය සමාජයේ අනෙකුත් කණ්ඩායම් වලින් වන විරෝධතා ආදී ගැටළු ගණනාවක අභියෝග අවධානම් ප‍්‍රබල ලෙස තිබිණි. කෙසේ වුවත් ව්‍යාපෘති සදහා වූ නායකත්වයේ අවධානම් භාර ගැනීමේ හැකියාව ධාරිතාවය තුළ එය ඉටු කිරීමට හැකි වී ඇත.එසේම අනෙකුත් ව්‍යාපෘති ද එවැනි ආකාරයේ ඒවා විය.

         ඒ අනුව අප අවධානය යොමු කළ යුත්තේ මෙම ලක්‍ෂණය ළමා සුභසාධනය කෙරෙහි වන උපයෝගීතාවය කෙසේද යන්න පිළිබදවයි. මෙම ක්‍ෂේත‍්‍රයේ නියුතුවීමද පැහැදිලිව අවධානමක් භාර ගැනීමක් වේ.  මක් නිසාද යත් එක් එක් ළමයකුගේ අනාගතය පිළිබදව වගකීමක් එක් පෑන් තුඩකින් වෙනස් වීමට හැකි බැවිනි. අනාගතය භාර ගැනීසට සිටින අනාගත පරපුර නිවැරදි මාර්ගයක සකස් කිරීම සදහා අප ගන්නා තීරණ සාම්ප‍්‍රධායික නොවිය යුත්තේ දිනෙන් දින අවප‍්‍රමාණ නොවන සමාජ අපචාර ඇති වටපිටාවක ජීවත් වන හෙයිනි.

          එබැවින් ළමයින් විෂයෙහි කටයුතු කරන කවර හෝ නිලධරයකු ළමා අපචාර වැළැක්වීමට අයිතිවාසිකම් ආරක්‍ෂා කරදීම වෙනුවෙන් ඉදිරිපත් කරන නව සංකල්ප තුළ ඇති අවධානම භාරගත යුතුය. එසේ නොවන්නට පවතින ක‍්‍රමය ශක්තිමත් වී ළමා උවදුරු වර්ධනය වීම වැළැක්වීම අපහසුය. මෙම අවධානම නිලතල මට්ටමින් ප‍්‍රදේශ මට්ටමින් ස්ත‍්‍රි පුරුෂ මට්ටමින් භාරගත යුතුව ඇත. එක් එක් ප‍්‍රාදේශීය සමාජතල මට්ටමින් ගන්නා තීරණ ක‍්‍රියාත්මක ව්‍යාපෘති අවස්ථානෝචිතව වෙනස් විය හැකිය. උදාහරණ ලෙස ළමා අපචාර වැළැක්්වීම පිණිස වන ව්‍යාපෘතියකදී වතු සමාජ මුඩුක්කු සමාජයන්හී දී වන අවධානම වැඩිවේ. ඍජු පුද්ගල හමු පවුල් හමු පැවැත්වීමද අභියෝග විය හැකිය.

              මෙම ලක්‍ෂණය සදහා වන උදාහරණයක් ලෙස ළමා අපචාර වලින් ආරක්‍ෂා වීමට අපරාධ අවම කිරීම උදෙසා පාසල් ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම සදහා ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීම ගත හැකිය. මෙය ශ‍්‍රි ලංකාවේ ඍජුව භාවිත නොවෙතත් වෙනත් රටවලදී කුඩා අවධියේ සිටම මෙම දැනුම ලබා දෙනු ලබයි. ශ‍්‍රි ලංකාවේ ශාීරික අධ්‍යාපනය හා සෞඛ්‍යය විෂය යටතේ එක් පාඩමකින් සසෑහීමකට පත්වි  ඇත. නමුත්  මෙය විෂයක් ලෙස අධ්‍යාපනය තුළට ඇතුලත් කිරීම තුළින් ළමා අපචාර පිළිබද දැනුවත් භාවය වැඩිකිරීම හා එමගින් ළමා අපයෝජන අපරාධ අඩු කිරීමේ ව්‍යාපෘතියක් දියයත් කළ හැකිය. පැහැදිලිව මෙය නව දෙයක් සේම අවධානම අධිකව පවති. එබැවින් මෙවැනි ලක්‍ෂණ මෙම සංකල්පය තුළ ඇත.

නිවැරදි කළමනාකරණ කාර්යය

             මෙම ලක්‍ෂණය සූක්‍ෂමව හදුනා ගත යුතු අතර සංවර්ධන ව්‍යාපෘතීන්හි අඩු වැදගත් කමක් සේ සැලකුවද සංවර්ධනයේ ස්ථිරසාර බව ආරක්‍ෂා කිරීමට මෙන්ම එය සමාජමය වශයෙන් ආර්ථිකමය වශයෙන් වන තිරසාරභාවය වෙනුවෙන් අත්‍යන්තයෙන් ප‍්‍රයෝජනවත් ගති ලක්‍ෂණයකි. උදාහරණයක් ලෙස දඔුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය මගින් ප‍්‍රාදේශීය මට්ටමින් පවතින එළවළු එක් ස්ථානයකදී තොග මට්ටමින් නගරකරා යැවීමද එමගින් කුඩා නගර සහ ග‍්‍රාමීයව නැවත යොමු කිරීම එම සංකල්පයේ එක් ලක්‍ෂණයක් සේ දැක්විය හැකිය. එමෙන්ම රථවාහන ඍජුවම ලංකාවට ගෙන ඒම වෙනුවට එක් එක් කොටස් ගෙන්වා එක් ස්ථානයකදී එක්කර වාහන බවට පත්කර බෙදාහැරීම මෙම සංකල්පය භාවිත කළ ව්‍යාපෘතියකි.

            ළමයින් සම්බන්ධයෙන් සමාජ සංවර්ධන ක‍්‍රියාවලියේදී මෙම ලක්‍ෂණ උපයෝගී වන ව්‍යාපෘති අවම මට්ටමක පවතින බව පෙනේ. රාජ්‍ය නොවන සංවිධාන මෙම සංකල්පයේ උක්ත ලක්‍ෂණයන් ප‍්‍රායෝගිකව භාවිත කරන ආකාරය පෙනෙන්නට ඇත. එය ළමා අපචාර වැළැක්වීම ඇතුළු ළමායින් සම්බන්ධ ව්‍යාපෘතීන් හී බහුලව යොදාගනු ලබන බව ඔවුන්ගේ ව්‍යාපෘති අධ්‍යයනයේදී බලාගත හැක. විශේෂයෙන් ළමුන් විෂයෙහි ක‍්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධාන ළමා අපචාර වැළැක්වීමට අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට වන ව්‍යාපෘති ප‍්‍රමුඛ වී ඇත. එහිදී ඍජු මැදිහත් වීමක් ග‍්‍රාහකයා වෙත නොකර අදාල ක්‍ෂේත‍්‍ර තෝරා ගනිමින් ඒ ඒ ළමා කුලකයට ප‍්‍රබල බලපෑමක් කළ හැකි කණ්ඩායම් තොරා ගනිමින් ඔවුන්ව දැනුමින් කුසලතාවන්ගෙන් ආකල්පයන්ගෙන් සන්නද්ධ කිරීමේ ව්‍යාපෘති එම සංවිධාන වල දක්නට ඇති වඩා ප‍්‍රායෝගික සමාජ සංවර්ධනයට අදාල සංවර්ධන සංකල්ප භාවිත කිරීමකි. එබැවින් මේ ආකාරයේ මනාකළමනාකාරීත්ව සංවර්ධන ව්‍යාපෘතීන්හී යොදා ගැනීම සමාජ සංවර්ධනයේදී තිරසාර ප‍්‍රථිපල කෙරෙහි වන ධනාත්මක බලපෑමක් වේ.

තැරුවිකාරීත්වය

              පොදු සමාජයේ මෙම වචනය ප‍්‍රායෝගික ක‍්‍රියාවලියේදී තරමක මල්ශාලාවක පිළිගැනීමක් සහිතය. උදාහරණයක් ලෙස මනාලයෙකුට මනාලියක් මනාලියකට මනාලයෙක් මුනගස්වන පුද්ගලයා ( බ්‍රෝකර් ) එක් එක් සමාජයන් තුළ පිළිගැනීම විවිධාකාර වන අතර ඔහුගේ ප‍්‍රයෝජනය එවැනි තරුණ පුද්ගලයන් සිටින පවුල්වල එම වටිනාකම වෙනසු වේ. මෙය එම ක්‍ෂේත‍්‍රය අතින් පමණක් නොව අන් විවිධ ක්‍ෂේත‍්‍ර ගත්තද එහි එම පුද්ගලයාට ලබාදෙන වටිනාකමේ ක්‍ෂේත‍්‍රඵලය අවම මට්ටමක පවතී. කෙසේ නමුත් සංවර්ධන ක‍්‍රියාවලියේදී ව්‍යවහාර සමාජ විද්‍යාඥයා එම සංකල්පය පිළිබද දරන ආකල්පය වෙනස් වේ. මෙම අතරමැදි කාර්්‍යය නොවන්නට සංවර්ධන කාර්යයකදී වඩාවැඩි ප‍්‍රථිපලයක් ලබාගැනීමට නොහැකි විය හැකිය. මෙහි මුහුණත පෙනුම පොදු සමාජයේ භාවිත අර්ථකථනයට වෙනස් බැවින් එහි කාර්යයන්ද නිසි ප‍්‍රථිඵල නොලැබීම හේතුවෙන් සමාජ විද්‍යාවේදී වැදගත් සංකල්පයක් ලෙස ඉදිරිපත් කරන බව පෙනේ. මෙහිදී සමාජ සංවර්ධන කාර්යයේදී කෙලෙස යොදාගතහැකිද යන්න සලකා බැලිය යුතුය.

            මෙහිදී සිදුවන්නේ සම්පත් සහ සම්පත් අවශ්‍ය පුද්ගලයා අතර සබදතාවය සබදතාවය එකිනෙක මුණගැස්වීම වේ. රාජ්‍ය නොවන සංවිධානයන්හී ව්‍යාපෘතීන් මෙම සංකල්පය මනා ලෙස යොදාගන්නා බව පෙනේ. බොහෝවිට රාජ්‍ය ආයතන තම සීමාවන්හී සිට ක‍්‍රියාත්මකවන ආකාරය පොදුජනයා අවශ්‍යතා වෙනුවෙන් උවමනාවෙන් සොයා යන්නන් අවම වේ. එබැවින් මෙම දෙකොන යා කරන රේඛාව අතරමැදි        ( brokerage) කාර්යය වේ.උදාහරණ ලෙස මූල්‍ය අවශ්‍යතා සහිත පුද්ගලයා සහ මූල්‍ය ණය පහසුකම් දෙන ආයතන අතර සබදතාවය ඇති කිරීම කළ හැකිය. බෙරෙන්ඩිනා ණය යෝජනා ක‍්‍රම ග‍්‍රාමීන් බැංකුව ක‍්‍රියාකාරී ලෙස භාවිත කරනු ලබයි.

             සමාජ සංවර්ධනය උදෙසා ළමා අපචාර වැළැක්වීම කෙරෙහි මෙම ලක්‍ෂණය සහිත ව්‍යාපෘති යෝජනා ඇති කළ හැකිය. බොහෝවිට අපචාර බහුලව පැවතියද එයට අවශ්‍ය නීතිය ක‍්‍රියාත්මක වීම හෝ වින්දිතයාට අවශ්‍ය සාධාරණය ඉටුවීම සහ චූදිතයා වෙනුවෙන් දඩුවම් ක‍්‍රියාත්මක වීමට නම් මෙම අවස්ථා එකිනෙකට මුණගැසීමේ දුර්වලතාවය අවම කිරීමෙහිලා ව්‍යාපෘති දියත් කළ හැකිය. එය උක්ත මැදිහත් කරු අතරමැදි කාර්යය ඉටුකරනු ලබයි.

            තවත් අතකට බැලුවහොත් ළමා අයිතිවාසිකම් පිළිබද නොදැනුවත් කමටඅපචාර වර්ධනය වීම කෙරෙහි වන බලපෑම පිළබද වන ව්‍යාපෘතියකදී එම දැනුම් පුද්ගලයින් සොයාගොස් අවශ්‍ය තැනට අවශ්‍ය පුදුගලයින් යොමු කිරීම ඉතා වැදගත් වේ. මෙවැනි ව්‍යාපෘතීන්හී ඉතා වැදගත් ලක්‍ෂණයක් සේ මේ දෙස අවධානය යොමු කිරීම සමාජ සංවර්ධන කාර්යයේදී ප‍්‍රමුඛ වනු ඇත.

              මේ අනුව සමාජ සංවර්ධනයේදී කුමන ක්‍ෂේත‍්‍රයකදී වුවද යොදාගත හැකි වඩා ප‍්‍රායෝගික සහ අනාගත සියවස් වලට අනුරූපීව සමාජ සංවර්ධන වෙනස්වීම් සමග ඉදිරියට යෑමට අවශ්‍ය පසුබිම සකසාලීමට වූ විශේෂ සංකල්පයක් ලෙස දැක්වීම වඩා නිවැරදි යයි හගිමි. ආර්ථික විද්‍යාවට අනුව ව්‍යාපාර ක්‍ෂේත‍්‍රයේදී හදුනාගැනෙන ව්‍යවසායකයාගේ ගතිලක්‍ෂණ සමාජසංවර්ධනයේදී රාජ්‍ය නිලධාරියා එක්තරා ව්‍යවසායකයකු වේ.  විටෙක මුදල් ශ‍්‍රමය කාලය අවකාශය පරිසරය අවශ්‍යතාවය පමණට වඩා හිමිය. නමුත් මෙම ව්‍යවසායකයා ව්‍යවසායකත්ව ලක්‍ෂණ නැතහොත් ව්‍යවසායක භාවිතය පිළිබද එදා සිට අද දක්වා ප‍්‍රමාණවත්වූ එළැඔීමක් හෝ කතිකාවක් වී නොමැති බව අයදතන ගැටලු වල ප‍්‍රමාණ නිරීක්‍ෂණයෙන් පැහැදිලිය.එබැවින් මෙම ලිපියද ව්‍යවසායකත්ව සංකල්පයේම භාවිතයකි.