නිදහස් මතවාදිත්වය

නිදහස් මතවාදිත්වය

Wednesday, November 19, 2014

ඔබට මොකද හිතෙන්නෙ?

                                                           ඔබට මොකද හිතෙන්නෙ?


කලුවරට ඇයි බය
තාවකාලිකව දැල්වෙන පහන් එලියට යටවෙලා
කලුවරේ ජීවත් වෙන්න
එලිය ගැන ඔබට මොකද හිතෙන්නෙ?


 දුකට ඇයි බය
 තාවකාලික සැප ඔලුවෙ හිටන් පොරොවගෙන
 සැප පමණට දකින්න
 සැප ගැන ඔබට මොකද හිතෙන්නෙ?

  විරහවට ඇයි බය
  තාවකාලික ආදරයේ අන්ධයාගේ සැරයටිය වෙලා
  විරහවෙන් ආදරය දකින්න
  ආදරය ගැන ඔබට මොකද හිතෙන්නෙ?

   ඇත්තට ඇයි බය
   බොරෑව සාංසාරිකව පගුණ කරණව
   වෙදනාවෙන් ඇත්ත දකින්න
   ඇත්ත ගැන ඔබට මොකද හිතෙන්නෙ?

    මම ගැන ඇයි බය
    මමත්වයෙන් ඔබව දකින්න කැඩපතක් වෙලා
    මගේ පිළිකාව දකින්න
    මම ගැන ඔබට මොකද හිතෙන්නෙ?

     දරුවො ගැන  ඇයි ඔචිචරටම  බය
     හිසේ ඉදන් කකුලටම අහිකුණ්ටිකවාදී නවීනත්වය මතගාලා
     දරුවට දැනෙන විදියට  දකින්න
     දරුවො ගැන ඔබට මොකද හිතෙන්නෙ?

Thursday, November 13, 2014

සමාජ අධ්‍යයනයේදී න්‍යායික අවශ්‍යතාවය

සමාජ අධ්‍යයනයේදී න්‍යායික අවශ්‍යතාවය
න්‍යායක් යනු කුමක්ද ?

          යමක් බිහිවීමට එහි අවශ්‍යතාවයක් තිබිය යුතුය. න්‍යයායක් යන්න ඇතිවීමෙහිලාද මෙම කරුණ සාධාරණ වේ. න්‍යායක් ඇතිවීමට මූලිකව සමකාලීන සමාජයේ ස්වභාවික විද්‍යාවන්ගේ දියුණුව බලපා තිබේ. සාමාජීය විද්‍යාවන් ඇතිවීමෙහිලාද ස්වභාවික විද්‍යාවන්ගේ බලපෑම ඇතිවිය. පසුව සාමාජීය හා භෞතික විද්‍යාවන් පිළිබඳ විද්‍යාත්මක ක‍්‍රමයන් ගොඩ නැගීමට විද්‍යාඥයින් උත්සාහ කළහ.සාමාජීය විද්‍යාවන් හැදෑරීමේදීත් විද්‍යාත්මක ක‍්‍රමයන් යොදාගත හැකිය යන්න කොම්ටේ ඉදිරිපත් කළහ.සාමාජීය විද්‍යාවන්ගේ ක‍්‍රමෙවිදය උද්ගාමී හා නිගාමී විධික‍්‍රමය මඟින් ගත් ප‍්‍රපංච සාමාන්‍යකරණය කිරීම සිදුවේ.නමුත් ස්වභාවික විද්‍යාවන් තුළදී විද්‍යාත්මක ක‍්‍රමවේදය චක‍්‍රිය කි‍්‍රයාවලියක් ලෙස සකස් වන අතර එහිදී ප‍්‍රපංචයන් පැහැදිලිව හදුනා ගැනීමේ සිට එම ප‍්‍රපංච පිළිබඳ සාමාන්‍යකරණයක් කරා එළඹෙන පියවර කීපයක් ඇත.

               ප‍්‍රපංචය පිළිබඳ අවබෝධක් ලබා ගැනීම,     ප‍්‍රපංචය තුළින් ගැටලූවක් ගොඩ නගා ගැනීම,  ඒ තුළින් උපන්‍යාස ගොඩ නැගීම,  එම උපන්‍යාස ආනුභවික පරීක්‍ෂණයට ලක් කිරීම,  උපන්‍යාස සත්‍යෙක්‍ෂණය හෝ අසත්‍යෙක්‍ෂණය කිරීම,    ප‍්‍රපංචය පිළිබඳ සාමාන්‍යකරණයකට එළැඹීම,   එම ප‍්‍රපංචය න්‍යායක් හෝ වාදයක් ලෙස ස්ථාපිත වීම.

         මේ ආකාරයේ ක‍්‍රියාවලියක් න්‍යායක් ගොඩ නැගීමෙහිදී සිදුවනු ලබයි. නමුත් යම් යම් අවස්ථාවල උපන්‍යාසයක් නොමැතිව අහම්බෙන් වුවද න්‍යායන් ගොඩ නැගීමට පුළුවන. මෙම ක‍්‍රියාවලියෙන් ඔබ්බට ඉබේ පහළවූ අදහස් මත ගොඩනැගුණු න්‍යායන් වාදයන් ඉතිහාසයේ ඇත.

           උදා- අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණ වාදය සොයා ගැනීමේ දී ඇපල් ගෙඩියක් හිස මතට වැටීම හේතු කොට ගෙන ඒ පිළිබඳ විමර්ෂණය කිරීමේ ප‍්‍රථිඵලයක් ලෙසට එම න්‍යාය සොයා ගැනුණි.

         කෙසේ වුවද න්‍යායක් ගොඩ නැගීම දීර්ඝකාලීන ක‍්‍රියාවක ප‍්‍රථිඵලයක් ලෙස දැක්විය හැකිය.සමාජය පිළිබඳව පුළුල්ව අධ්‍යයනය කර එය නිගමනයකට ලක්කර ඉදිරිපත් කිරීම න්‍යාය තුළින් සිදුවේ. මෙ හේතුඵල සම්බන්ධයක් පිළිබඳව නිර්මාණය වන්නකි. මෙම න්‍යායන් වලදී වැදගත් වන්නේ සෑම දෙනාටම පොදුවේ භාවිතා කළ හැකිවීමයි.

         මේ ආකාරයේ ස්වභාවික සාමාජීය විද්‍යාවන් තුළ ගොඩනැගූ න්‍යායන් පිළිබඳව විද්‍යාඥයින් විවිධ නිර්වචන ඉදිරිපත් කොට ඇත.න්‍යාය පිළිබඳ දැක්වූ අදහස් අතර
          ”න්‍යායක් යනු යමක් පැහැදිලි කිරීමේදී උපයෝගී කරගනු ලබන අදහස් සමූහයක එකතුවකි.ඒ නිසාම සමාජ ව්ද්‍යාත්මක න්‍යාය යනු මානව සමාජය ව්ග‍්‍රහ කිරීමට උපකාරි වන්නාවූ අදහස් සමූහයන්ගේ එකතුවකි. ”                                                -HARALAMBOOS-         
             එනම් අදහස් සමූහයක් කෙටිව ඉදිරිපත් කිරීමේ ක‍්‍රියාවලිය න්‍යායක් ඉදිරිපත් කිරීම තුළින් සිදුවන බව මෙහිදී කිව හැකිය.එය සමාජවිද්‍යාවට  මෙම න්‍යාය අදාල කර මානව සමාජය විග‍්‍රහ කිරීමට උපකාරිවන අදහස් සමූහයක් බව haralamboos දක්වා ඇත.

               සමාජ විද්‍යාව පිළිබඳ න්‍යායන් රාශියක් ඉදිරිපත් කර ඇති TOM BURN විසින් න්‍යාය අර්ථදක්වා ඇත්තේ ,
            ”සමාජ විද්‍යා න්‍යාය යනු න්‍යායාත්මක වශයෙන් මිනිසාගේ රුචිඅරුචි තත්ත්වයන් මිනිසාගේ බිඳවැවීම් හෝ ජයග‍්‍රහණයන් අපගේ උපාය මාර්ගයන් හෝ විහිදුනු අවස්ථාවන් ආදිය විග‍්‍රහකරනු ලබන විද්‍යාත්මක පරමාදර්ශයයි.”                         -TOM BURN –                                   

            මෙහිදී පුද්ගල මූලික වූ ජීවිත සංසිද්ධීන් විග‍්‍රහ කරන දෙයක් ලෙස ඔහු අදහස් කර ඇත.මේ පිළිබඳ අදහස් දක්වා ඇති තවත් නිර්වචනයක් ලෙස ,

         ”න්‍යාය යනු අප සමාජය දෙස බලන ආකාරය හෝ හෙලනු ලබන යම් යම් දෘෂ්ඨීන් තුළින් ගොඩ නැගෙන ආකෘතියකි.”               -BURNARD & BURGES-         
   
         උක්ත  න්‍යාය පිළිබඳව විවේචන දක්වන BILTON පවසන්නේ වර්තමාන සාමාජීය විද්‍යාවන් තුළ සාමාජීය වූ න්‍යාය ධර්මයන් හදුනාගත නොහැකි බවයි. එයට හේතු ලෙස දක්වන්නේ යම් සිද්ධියක් සම්බන්ධයෙන් ගොඩ නගන ලද න්‍යායක් නිශ්චිත වූ කාල පරිව්ජේදයක් තුළ පමණක් වැදගත් වන බවයි.එමෙන්ම න්‍යායක් ගොඩ නගන පරිසරය වෙනස් වනවාත් සමඟ න්‍යායේ ස්වරූපයද වෙනස් වන බවයි.මෙම හේතුනිසා සර්වවිශ්වීය ලෙස සාමාජීය විද්‍යාවන් තුළ න්‍යාය ගොඩ නැගිය නොහැකි බව BILTON පෙන්වා දෙයි.
          උදා- බටහිර කේන්‍ද්‍රකරගත් න්‍යායාචාර්ය වරුන් ඉදිරිපත් කරන සංකල්ප එලෙසින්ම බටහිර නොවන රටවල් වලට යොදාගත හැකිද යන්නට ඇත්තේ සීමිත ඉඩකඩකි.කාල් මාක්ස්ගේ අපෝහක  භෞතිකවාදය තුළදී පංති දෙකක ගැටුම තුළින් නව පංතියක් බිහිවීම යන සිදුවීම කරණකොට ගෙන සඳහන් කළද මධ්‍යම පංතියක් පිළිබඳව මාක්ස් සඳහන් කොට නොමැත. එය සැබවින්ම අන්තගාමී ස්වරූපයක් වන්නේ අන්ත දෙකින් එකක සාමාජිකයින් වීම නිසාවෙනි. මේ නිසා පැහැදිලිව සාමාජීයවිද්‍යා තුළ න්‍යාය ගොඩ නැගීමේ දී එහි සර්වවිශ්වීය වටිනාකම පිළිබඳව ගැටළුකාරී තත්ත්ව පවතී.

            කෙසේ වෙතත් ආචාරධර්මය දේශපාලන සංස්කෘතික පමණක් නොව ආර්ථික ඇගයුම් සහ සම්බන්ධතා සමාජයක් තුළ ව්‍යූහගතව තිබේ.මේ සියල්ල අඩු හෝ වැඩි වශයෙන් සමාජයක (structure )
ව්‍යූහය සහ කාර්යය කොටස  (function )  නිශ්චය කරනු ඇත. සංකීර්ණ සමාජයන් පමණක් නොව සරල සමාජයන් තේරුම් ගැනීමට පවා න්‍යායන් ඉදිරිපත් කොට තිබේ. මේ නිසාවෙන් සමාජය සංකීර්ණ වීමේ වේගය වැඩි වීමත් නිසා සමාජ කි‍්‍රයාවලීන්ගේ ගුණාත්මකභාවය වැඩි වීමත් නිසා වත්මන් සමාජ ක‍්‍රියාවලිය තේරුම් ගැනීමෙහිලා න්‍යායක අවශ්‍යතාවය බෙහෙවින් අවශ්‍යවේ. කෙසේ වුවත් න්‍යායන් ගොඩ නගමින් සියලූ බුද්ධිමතුන් උත්සාහ කළේ සමාජය හා සමාජ සම්බන්ධතාවන් පහදා දීමේ දී න්‍යායක් අවශ්‍ය වන බවය.
                  ( .මල්ලිකාරච්චි, ඩෙස්මන්ඞ් ,සමාජ විමසුම 12 කලාපය, පිට 49 )
                                      
 න්‍යාය යනු කුමක්ද යන්නට අදහස් දක්වන තවත් විද්‍යඥයකු දක්වන්නේ ,

            ”න්‍යායක් යනු අප විසින් රැස් කරගනු ලැබූ පුරුදු වඩාත් කාර්යක්‍ෂම ලෙස යොදා ගැනීම මෙන්ම යම් අවස්ථාවකට අනුව භාවිතා කළ යුතු අන්දම පිළිබඳව හැඟීමක් ගොඩ නගන්නාවූ මාර්ගයකි. එසේම වඩාත් වැදගත් වන්නේ මෙම පුරුදු සියල්ලම ඉවත් කර දැමිය යුතුද අවශ්‍ය අවස්ථාවන්ට අනුව නව අංගයක් වශයෙන්  ගොඩනැගිය යුතුද යන්න පෙන්වා දෙන්නකි.”       

                             - ඒබ‍්‍රහම් කැප්ලන් -

                     මෙම නිර්වචනය අනුව යම් න්‍යායක් පිළිබඳව සැලකීමේදී න්‍යායකි වෙනස් කරන්නේ ඇයි ? න්‍යායක් වෙනස් කරන්නේ කෙසේ ද? වෙනස් කිරීමේ දී වෙනස් කරන්නේ කුමක්ද ? න්‍යායේ හේතුවාදී කොටසද නැතිනම් ඵලයද යන්න  ? ආදී ප‍්‍රශ්න මතුවේ. උදාහරණයක් ලෙස ලෝකයේ අනිත්‍ය ස්වභාවය පිළිබඳ බුදුන් වහන්සේගේ පටිචිචසමුප්පාද න්‍යායක් වශයෙන් මෙම ස්වභාවය පැහැදිලිව හදුනා ගත හැකිය.

            ”න්‍යායක් යනු යම් යම් සිද්ධීන්වල සුවිශේෂී තත්ත්ව විස්තර කරන එහි සබඳතා නිරූපණය කරන සහ විවේචනය සපයන මෙවලම්ය. ”                                          -Dagless kelna -  
           උක්ත නිර්වචන සියල්ලම දෙස බලන විට හදුනාගත හැකි වන්නේ න්‍යායක් වශයෙන් අර්ථ දක්වන්නේ භෞතික හෝ සමාජ ක‍්‍රියාවලියක් පිළිබඳව අත්දැකීම් සම්භාරයක සම්පිණ්ඩනයක් ලෙස දැක්විය හැකිය බවය.
න්‍යායක් යොදා ගැනීමේ දී එහි ප‍්‍රායෝගිකව භාවිතා කිරීමේ දී එය උපයෝගි කරගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමුකිරීමේ දී ප‍්‍රධාන වශයෙන් කොටස් කීපයක් දැක්විය හැකිය.

    01. සංල්පීය න්‍යායන්                                                                                                                                                      එනම් න්‍යායයේ ඇති සංකල්ප පදනම මූලික අවධානය යොමු කරමින් එහි නිර්මාණාත්මක අධ්‍යයනය යොදා ගැනීම මෙහිදී සිදුවේ.
    02. පරිශීලන ආකෘතිය                                                                                                                                                     මෙහිදී අවධානය යොමුවන්නේ සංකල්පමය පදනම සැකසීමට මූලික වන පසුබිම් වූ කරුණු පිළිබඳව වේ.
    03. බුද්ධීමය ඉව                                                                                                                                                             බුද්ධීමය ඉව නැතහොත් බුද්ධීමය දායකත්වය තුළදී උපන්‍යාසය ප‍්‍රමේයය මෙන්ම උපකල්පන භාවිතය පිළිබඳ අවධානය යොමු කෙරේ.
    04. ප‍්‍රස්තූතය                                                                                                                                                                 ප‍්‍රස්තුතය යන්නෙන් දක්වන්නේ න්‍යාය තුළින් ගොඩනගන්නාවූ සාමාන්‍යකරණයෙහි සුවිශේෂීයත්වය පිළිබඳ ප‍්‍රධාන අවධානය දැක්වීමයි.                                                                                       
    05. න්‍යායේ ආකෘතිය                                                                                                                                                   න්‍යායක් ගොඩ නැගීමට බලපාන ආකෘතිය ලෙස තාර්කික නිගමනය ගණිතමය සූත‍්‍රකරණ හෝ හේතුඵල සම්භන්ධතාවයන් කෙරෙහි අවධානය මෙහිදී යොමුකෙරේ.
    06. පරමාදර්ශී වරය                                                                                                                                                      මෙහිද අවධානය යොමු කරන්නේ අප න්‍යායන් ගොඩ නැගීම සඳහා භාවිතා අධ්‍යයන ක්‍ෂේත‍්‍රය තුළින් ගොඩනගාගනු ලබන අර්ථ නිරූපණ හා විචල්‍ය අතර පවතින රටාමය ස්වභාවය කෙරෙහිය.ඒ අනුව න්‍යායක මෙවැනි සංකල්ප ඉතා වැදගත් වේ.

                  න්‍යායක් හදුනා ගැනීමේදී එම න්‍යායේ ඇති ප‍්‍රධාන ලක්‍ෂණ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ.           
          න්‍යායක් හොඳින් නිර්වචනය කරනු ලැබූ සංකල්පයන් සහ තාර්කික අන්තර් සම්භන්ධතාවයන් ගොඩනැගුණු ප‍්‍රස්තුතයන් අන්තර්ගත විය යුතුය. මෙයට උදාහරණයක් වශයෙන් මූලික න්‍යායක් ලෙස ඉදිරිපත් කරනු ලැබූ 1957 දී ව්‍යනුකලනය වූ ගම (the disintegrating village ) නැමැති කෘතිය තුළින් සර්කාර් සහ තම්බයියා විසින් ලංකාවේ ගම්වල ඉඩම් අයිතිය පිළිබඳ දැඩි අසමානතාවයක් පවතින්නේ යයිද න්‍යෂ්ඨික පවුල් ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් වැඩිවී ඇති අතර ඒවායින් බොහොමයකට ඉඩම් අයිතියක් නැතැයිද ප‍්‍රකාශ කළේය.මෙහිදී කුටුම්භයක් හෝ නිවසක් ඔවුන් නිර්වචණය කළේ එක හැළියේ බත් පිසින කණ්ඩායමක් ලෙසටය.නමුත් පිය පාර්ශවයේ නිවසක පදිංචි වන විවාහ වූ දරුවන් එම ඉඩමේම වාසය කළත් න්‍යෂ්ඨික පවුල් ලෙස දැක්විය නොහැකි අතර තවමත් එම ඉඩම් නීතියෙන් ලියාදීම සිදු නොවේ.ඒ නිසා සංකල්ප හොඳින් නිර්වචනය කරනු ලැබූවක් වීම හා තාර්කික අන්තර් සම්භන්ධතාවයන් ගොඩනැගීම වැදගත් වේ. 

                 න්‍යායක් යනු විධිමත් ලෙස සංකේතාත්මකව ගොඩනගන ලද්දක් වන අතර එහි ඇති කරුණු නොපැහැදිලි රටාවකින් යුක්ත වීම හෝ ගුණාත්මක බවින් අඩු තක්සේරුවක් නොතිබෙන ඒවා විය යුතුය. උදාහරණයක් ලෙස 1970 දී බොසෙරප් (boserup ) විසින් දැක්වූ ආකාරයට යැපුම් අර්ථක‍්‍රමයක් පවත්නා එසේම නිෂ්පාදනය සඳහා කාන්තා දායකත්වය අවම වන සමාජ වල දෑවැද්ද ව්‍යූහගත වී ඇතැයි උපකල්පණය කෙරිණි. නමුත් සෑම සමාජවලම දෑවැද්ද දැකිය නොහැකි බැවින් බොසෙරප්ගේ උපකල්පණයන් පිළිබඳ ගෝලින් හා බොස්ටර් (golin & boster ) 1990 දී න්‍යායක් ඉදිරිපත් කරමින් දෑවැද්ද පවතින්නේ ඒක විවාහය හො බහු විවාහය පවතින ස්ථරීකරණය වූ සමාජයන් හි යයි දැක්වීය. මේ නිසා ගුණාත්මක බවින් අඩු න්‍යායන් නොවිය යුතුය.          
                                                                                                                                                                       එසේම  න්‍යායක් යනු ගුණාත්මක වශයෙන් තහවුරු කරගත් සාක්‍ෂිමත ගොඩනගන්නක් වන නිසා ඒ තුළ නිර්මාණාත්මක ක‍්‍රියාවලියක් ද අන්තර්ගත විය යුතුයි.මාක්ස්වාදී න්‍යාය තුළ මෙම නිර්මාණාත්මක කි‍්‍රයාවලියක් අන්තර්ගත වන න්‍යායාත්මක ව්‍යූහයකි.    
           එසේම න්‍යායක් යනු යම් කාල සීමාවකට හෝ දේශයකට සීමාවූ ලක්‍ෂණ වලින් යුක්ත වන නිසා න්‍යායක් සෑම විටම නව සාක්‍ෂි වලින් සහ නව පර්යේෂණයන්ගෙන් ප‍්‍රතිසංස්කරණයට ලක්කළ හැකි දෙයක් විය යුතුය.උදාහරණයක් ලෙස 1992 දී ග්‍රෝස් නැමැති සමාජවිද්‍යඥයා විසින් ස්ත‍්‍රි අනුලෝම විවාහ (female hyper gamy ) හා දෑවැද්ද හේතුවෙන් සිදුවන කි‍්‍රයාවලියක් ලෙස කුස්සියේ ගිණිවලින් ඇතිවන තරුණ විවාහක කාන්තාවන් මියයාම පිළිබඳ දැක්වූ මූලික න්‍යාය දැක්විය හැකිය. ගොස්ගේ මෙම න්‍යායික අර්ථකථනය ඉන්දියාව සම්බන්ධයෙන් පිළිගත හැකි වුවද වෙනත් සමාජයන්හි දෑවැද්ද හා සම්බන්ධ තත්ත්වයන් විග‍්‍රහ කිරීමට යොදා ගත නොහැක.             
  
             න්‍යායක අඩංගු කරුණු සහ සාක්‍ෂි යම්කිසි ආකාරයක න්‍යායාත්මක ක‍්‍රමවේදයකට අනුව සැකසූ ඒවා නිසා එය යමක් තහවුරු කර ගැනීම සඳහා ප‍්‍රාරම්භක පරමාදර්ශයන් ලෙස භාවිතා කළ හැකිවිය යුතුය.    කෘත්‍යවාදී න්‍යාය උපයොගී කොට ගෙන සමාජයයේ ඇති සමාජ ආයතනවල කාර්යභාරය හදුනා ගැනීම සඳහා පරමාදර්ශයක් ලෙස යොදා ගන්නා අවස්ථා අපට දැක ගත හැකිය.   
    
          එසේම න්‍යායක් බොහෝ දෙනාගේ එකඟත්වයෙන් ගොඩ නගන්නාවූ ව්ධිමත් සූත‍්‍රකරණයක් වන අතර ඒ තුළ මිනුම් ඉහළ ප‍්‍රථිශතයකින් යුක්ත වාස්තවික භාවයක් සහ අනාවැකි පලකිරීමේ බලය ඇතුළත් විය යුතුය.සූර්යකේන්‍ද්‍රවාදී න්‍යාය තුළ විධිමත් සූත‍්‍රකරණයක් ඇති අතර එහි ඉහළ ප‍්‍රථිශතයකින් යුත් මිනුම් භාවිතා කරන අතර අනාවැකි පලකිරීමේ බලයක් එහි ඇත.න්‍යායක වලංගුභාවය තක්සේරුකරන විට ප‍්‍රධාන අවධානය යොමු විය යුත්තේ වැදගත් ගැටලූවලට එම න්‍යායන් සාර්ථක විසදුම් දෙන්නේද යන්න සොයා බැලීමටයි.එසේ නොමැතිව මේ න්‍යාය සත්‍යද විධිමත්ද යන්න සොයාබැලීම නොවේ.
            කෙසේ වුවද සමාජ න්‍යායන් කෙරෙහිද අවධානය යොමු කිරීම මෙහි දී වැදගත් වේ.සමාජය සංකීර්ණ වීමේ වේගය වැඩි වීමත් සමාජ ක‍්‍රියාවලීන්ගේ ගුණාත්මකභාවය තීව‍්‍ර වීමත් නිසා අප අකැමති වුවත් අද සමාජ කි‍්‍රයාවලිය තේරුම් ගැනීමට න්‍යායක් අවශ්‍ය වනු ලබයි.එහිදී මෙතෙක් සමාජවිද්‍යාවේ චින්තකයින් ඉදිරිපත් කරනුලැබූ න්‍යායාත්මක ප‍්‍රවේශයන් මූලිකව දැක්විය හැකිය.      
                    
                     19 වන ශත වර්ෂයේ සිටි දැවැන්තයින් වූ ඩුර්කයිම් වෙබර් මාක්ස් ගේ සිට පසුව පාර්සන්ස් ගේ සිට ගිඞ්න්ස් දක්වා ද විවිධ න්‍යාය සමාජ කි‍්‍රයාවලිය විවිධ කෝණවලින් සහ මානයන්ගෙන් විග‍්‍රහ කරමින් සමාජය පිළිබඳ ඥාණයට ගැඹුරක් දුන් අතර අදද න්‍යාය ගොනු කරන හබමාස් වැනිචින්තකයින් ඇත.ඒ අනුව සමාජය අධ්‍යයනය කරන්නෙතුට අනිවාර්යෙන්ම න්‍යායක ශාස්ති‍්‍රය භූමිකාවක් ඇති බව පිළිගත යුතුය.                                                ( මල්ලිකාරච්චි, ඩෙස්මන්ඞ්,සමාජ හා මානව විද්‍යාත්මක ලිපි, පිටු 51   ) 


යූ . එ් . රුවන් කුමාර
         
(BA.sp.(hon), MA- peradeniya, HRM.dip)

ප‍්‍රාථමික සමාජවල අභිචාර, අද දකින සමාජ ව්‍යූහය තුළ වන වැදගත්කම

ප‍්‍රාථමික සමාජවල අභිචාර, අද දකින සමාජ ව්‍යූහය තුළ වන වැදගත්කම

     උපතේ සිට මිනිසා සෑම දෙයක් තුළින්ම තම අභිමතාර්ථ අරමුණු සාධනය මුල්කොට ගත්තේය.විශේෂයෙන් ප‍්‍රාථමික මිනිසා තමා ලත් දැනුම ආශ‍්‍රයෙන් සෑම දෙයක්ම ග‍්‍රහණය කර ගැනීමට උනන්දුවිය.මෙහිදී එම ජනයාට විශවාස කළ නොහැකි පිළිතුරු සෙවිය නොහැකි සහ ඒවාට අභියෝග කිරීමට නොහැකි වටපිටාවක් තුළ මිනිසා කළේ එම සංසිද්ධීන්ට යටත් වී එම සිදුවීම් වලට පිළිතුරු ලබා ගැනීම සඳහා නොපෙනෙන බලවේග ඔස්සේ පිහිට අයැදීමය.මේ ආශ‍්‍රිතව ගොඩනැගුණු විශ්වාස පද්ධති හා කි‍්‍රයාකාරකම් අභිචාර ලෙස හදුනා ගැනෙන බව බොහෝ දෙනා විශ්වාස කරනු ලබයි.මිනිසාගේ ජීවන ක‍්‍රමය තුළ පවතින යම් යම් කි‍්‍රයාකාරකම් සලකා බැලූවිට මෙම අභිචාරමය වූ ලක්‍ෂණ සමාජය තුළින් හදුනා ගනු ලබන බව හා ඒවා දැඩිව ග‍්‍රහණය කරගෙක ඇති බව පෙනී යන කරුනකි.මේ නිසා අභිචාර පිළිබඳව සමාජවිද්‍යාත්මක වශයෙන් සොයා බැලීම කාලීනව වුවද වැදගත් වූවක් ලෙස සැලකිය 
           මෙම අභිචාර පිළිබඳ දක්වන මතයන් සහ ඒ පිළිබඳව ප‍්‍රාථමික සමාජය තුළ පැවති වැදගත්කම පිළිබඳව මෙහිදී  අවධානය යොමුකර තිබේ.ප‍්‍රාථමික සමාජ පමණක් නොව වත්මන් සමාජයන් දක්වාම මෙම අභිචාර පැවතී නමි එම අභිචාර කොතරම් දුරට ජනවිඥානය හා සම්භන්ධ වී ඇත්ද යන්න පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුකර ඇත.නොපෙනෙන බලවේග තුළින් පිහිට ප‍්‍රාර්ථනා කිරීම තුල ඇති සමාජමය අර්ථය කෙබදුද යන්න මෙහිදී දක්වා ඇත.
         ඒ අනුව සටහන තුළින් අභිචාර පිළිබඳ සමාජ විද්‍යාත්මක මතය සමාජ හා මානව විද්‍යාත්මකව විද්‍යාඥයින් විසින් කළ පර්යේෂණ ඔස්සේ දක්වා ඇති අතර එමඟින් අභිචාර එම සමාජයන්හි ඉටුකළ කාර්යයන් පිළිබඳව අවබෝධ කරගැනීමට මෙම ලිපිය උපකාරිවනු ඇත.

අභිචාර යනු මොනවාද ?

             මානව ශිෂ්ඨාචාරය ආරම්භයේ සිටම විශ්වය පිළිබඳ තේරුම් ගැනීමට නොහැකි මිනිසා ඒ සඳහා යොදා ගනු ලැබූ ආධාරකයක් වශයෙන් අභිචාර දැක්විය හැකිය.මුල් යුගයේ දී විශ්වය හා එහි සිදුවන යම් යම් සංසිද්ධි පිළිබඳ තමන් එයට බලපෑමක් එල්ල කිරීමට අපොහොසත් වීම නිසා එයට බියක් දක්වා ඒ පිළිබඳ අවනතභාවය තුළින් අභිචාරාත්මක කි‍්‍රයාකාරකම් එම සමාජය තුළ ස්ථාපිත වන්නට ඇත.ස්වාභාවික ලෝකයේ සිදුවූ වැස්ස, නියඟය, ගෙරවීම, විදුලි කෙටීම, ලෙඩ සෑදීම, මරණය ඇතිවීම ආදී උපද්‍රව සිදුවන්නේ ඇයිදැයි, කුමන බලවේගයක් දැයි නිශ්චය කරගැනීමට අපොහොසත් වීම නිසාවෙන් ඔවුන් කළේ එයට දේවත්වයක් ආරෝපණය කිරීම බව මානව ඉතිහාසය පිරික්සීමෙන් සොයාා ගත හැකිය.එම යම් යම් කි‍්‍රයාකාරකම් තාක්‍ෂණය අතින්, විද්‍යාව අතින්, තාර්කිකව දියුණු නූතනය දක්වාම පවතින්නක් වේ.මේ නිසාවෙන් මෙම අභිචාර තුළින් මානව සමාජය හා සමාජ හැසිරීම් තේරුම් ගැනීමෙහිලා ප‍්‍රබල මාධයයක් වී ඇත.මේ නිසාවෙන් අභිචාර පිළිබඳ විවිධ අංශයන් ඔස්සේ කථිකාවන් ගොඩ නැගී ඇත.අභිචාර හදුනා ගැනීම සඳහා ඒ පිළිබඳව ඉදිරිපත් කර ඇති නිර්වචන කීපයක් සලකා බැලීම වැදගත් වේ.
         අභිචාර පිළිබඳ බි‍්‍රතාන්‍ය විශ්ව කෝෂය දක්වා ඇත්තේ,
          ”අභිචාර යන්න  පුළුල් පරාසයක යෙදෙන අත්භූත සංසිද්ධි හා සම්භන්ධ යෙදුමක් ලෙසට ද, බොහෝ ආගමික සම්ප‍්‍රධායන්ගේ සාරය තුළ පවතින පුද පිළිවෙත් විශ්වාස පද්ධති ආශි‍්‍රත කි‍්‍රයාකාරකම් ලෙසටද ,ආදී මිනිසා සතුව පැවති දැනුම අනුව සමාජ සංස්කෘතිකමය අත්භූත සිද්ධි මත ගොඩ නගාගත් කාලයෙන් කාලයට හා තැනින් තැනට වෙනස් වෙමින් පවතින තත්ත්වයක් ලෙසද, හදුන්වා දී තිබේ (encyclopedia of Britannica )
          මෙම නිර්වචනය තුළින් හදුනාගත හැකිවන්නේ අත්භූතජනක සංසිද්ධි මත පදනමිව පැවති වත්පිළිවෙත් සහිත කි‍්‍රයාකාරම් අර්ථ දක්වා ඇති බවය.
             ඇමරිකානු විශ්ව කෝෂය දක්වා ඇත්තේ,
        ”අතීතයේ ජීවත් වූ මිනිසුන් විශ්වාස කළ අධිස්වාභාවික බලවේග හා භූත ආත්මයන්ගෙන් එල්ල වූ බලපෑම් මත ගොඩනැගුණු මානව හැසිරීමකි” (encyclopedia of Americana).
         මෙම නිර්වචනයට අනුව අධිස්වාභාවික බලවේග හා භූතආත්ම ලෙස විශ්වාසයන් පවතින බව හා ඒ තුළින් මානව ක‍්‍රියාකාරකම් වෙනස් වූ බව දක්වයි.
             මෙයට අමතරව සිංහල විශ්වකෝෂය අභිචාර අර්ථ දක්වන්නේ,
       ”ලෝකයේ සෑම මනුෂ්‍ය සමාජයකම පාහේ දක්නට ලැබෙන මිනිසුන්ගේ යම් යම් අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට කරනු ලබන අණ වින හූනියම් යනාදිය අභිචාර ලෙසට ගත හැකිය.එම සෑම කි‍්‍රයාවක්ම මන්ත‍්‍ර ගුරුකම්
( exorcism )යන වචනයෙන් හදුන්වනු බව පෙනී යයි.”
        මේ අනුව මිනිසුන්ගේ පවතින විවිධ වූ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට යොදාගනු ලබන හදි හූනියම් යන්ත‍්‍ර මන්ත‍්‍ර ආදී කි‍්‍රයාකාරකම් ලෙස හදුන්වයි.
             ”ආගම සාමූහික සමාජ ඒකරාශිත්වයන් හි පොදු අරමුණු දෙස යොමු වීමක් ඇති ගෞරවය මත ගොඩ නැගුනක් බවත් අභිචාර සමාජ විරෝධී හා ආත්මාර්ථකාමී අරමුණු දෙස යොමු වූ පුද්ගලික යොමු වීමක් ”ලෙස සමාජීය විද්‍යා විශ්වකෝෂය දක්වයි.මෙයින් ආගම හා අභිචාර යන්න මාවත් දෙකක් ඔස්සේ සිදුවන බව දක්වයි.එනම් ආගම පොදු අරමුණක් හා අභිචාර පුද්ගලික වූවක් බවත් ය.
                   මෙයට සමාන අදහසක් දක්වන ආගම පිළිබඳ විශ්ව කෝෂයට අනුව,
          ”මිනිසුන් විශ්වාස කරන මිත්‍යා කථා පුවත් හා විශ්වාස මත ආගම හා අභිචාර ගොඩ නගෙන බවත් ආගමික මිත්‍යාවන්ගේ  විශ්වාසය මඟින්  විශ්ව භාවිතයන් සහිත පොදු යහපත ස්ථාපිත කරවන බවත් පෙන්වා දේ.නමුත් අභිචාරාත්මක මිත්‍යාවන් පුද්ගලික අරමුණු හා බැදුණු භාවිතයන් ලෙස දක්වා ඇත”.
           එයින් දක්වන්නේ මිත්‍යා කථා ආගමේ හා අභිචාර වල මුලික පදනම වන බවයි.එහිදී සමාජීවිද්‍යා විශ්වකෝෂයට අනුව දැක්වූවා සේ ආගම පොදු යහපත හා අභිචාර පුද්ගලික අරමුණු වලට සීමා වන බව සඳහන් කර ඇත.
            ආගම හා අභිචාර පිළිබඳ මානව විද්‍යාත්මක පර්යේෂණ කළ මානව විද්‍යාඥයන් ලෙස   E.B. ටයිලර් , ජේම්ස් පේ‍්‍රසර් ආදින් දැක්විය හැකිය.ටයිලර් ට අනුව,
             ”ආගම යනු අධිභෞතික සත්ත්වයන් ( ජීවීන්) පිළිබඳ විශ්වාස පද්ධතියයි”
ලෙස දැක්වීමෙන් මිත්‍යා විශ්වාස හා සම්බන්ධ අභිචාර ඇසුරු කරගත් බව එයින් පැහැදිලිවේ. E.B. ටයිලර් විසින් ඔහුගෙ SAVAGES කෘතිය තුළින් අභිචාර නිර්වචනය කරනුයේ ව්‍යාජ විද්‍යාවක් ( PSEUDO SCIENCE ලෙසය.
එසේ වන්නේ

          ”අභිචාරාත්මක වත් පිළිවෙත් ඉටුකරන්නා නැතහොත් අභිචාරිකයා Magician හා ජනතාව අභිචාර ක‍්‍රියා හා ඒවායින් අත්වන ප‍්‍රථිපල අතර සම්භන්ධ අවිවාදිතව පිළිගන්නා බවත් එසේම එය තාර්කිකව හෝ විද්‍යාත්මකව හෝ විග‍්‍රහ කළ නොහැකි පිළිගන්නා අදහස් හා මතවාද මතගොඩනැගුනක් ”පමණක් බව සිදුවෙනු දැක්වීමෙනි.මෙම අභිචාර පිළිබඳ ප‍්‍රාථමික සංස්කෘතියේ ( PRIMATATIVE CULTURE) කෘතියේ සර්වාත්මවාදය (Animism) සංකල්පය ඔස්සේ විග‍්‍රහකොට ඇත.එහිදී මෙම දර්ශනය ප‍්‍රධාන විශවාස පද්ධති දෙකක් ඇතිබව දක්වයි.
          01. පුද්ගලයාගේ මරණින් පසුව කි‍්‍රයාකාරී ආත්මයක් තිබිය හැකියැයි විශ්වාස කිරීම.
          02. භෞතික ලෝකය පාලනය කරන වෙනත් අධිස්වාභාවික බලවේග ඇතැයි විශ්වාස        කිරීම .   
           කෙසේ වෙතත් මෙම බලවේග යහපත් අයහපත් බලවේග ලෙස බලපෑම් කළහැකිබව පිළිගැණුනි.මෙම බලවේග වල ශක්තීන්ගෙන් යහපත බලාපොොත්තුවෙන් මිනිසා මේ කෙරෙහි විශ්වාසය තැබූ බවද ඒ මඟින් මනුෂ්‍ය සමාජයයේ මිත්‍යා විශ්වාස ඇතුළත් මානව හැසිරීම් ගොඩ නැගුණු බව දක්වා ඇත.
             ජේම්ස් පේ‍්‍රසර් දක්වන ආකාරයට ,
        ප‍්‍රාථමික මිනිසා තම බුද්ධිය අනුව විවරණය කරගත නොහැකි දේ පිළිබඳව බලයක් ගෞරවයක් ආරෝපණය කරඇති කරගත් විශවාස පද්ධතියක් තුළින් අභිචාර බිහිවන දක්වයි.එම විශ්වාස පද්ධතිය පිනවීමට යාමෙන් ආගම යන සංස්ථාව හදුනා ගනී.ස්වර්ණමය ශාඛාව (GOLDEN BRANCH) කෘතියේ පළමු වෙලූම වන අභිචාර කලාව ( THE MAGIC ART ) කෘතියේදී අතීතයේ සිට අභිචාර ආගම අතර සබඳතාවය සමාජ සංස්කෘතිය සමඟ ද නොබෙදී අද දක්වා පැවැත්වීගෙන එන බව ඔහු දක්වා ඇත.
         ජේම්ස් පේ‍්‍රසර් පරිණාමීය අවධීන් ඔස්සේ අභිචාර පිළිබඳ දක්වා ඇත.අභිචාර ආගම හා විද්‍යාව එකිනෙකින් පරිණමය වී ගොඩනැගුණු චින්තාවන් තුනක් ලෙස හදුන්වා දී ඇත.ඒ අනුව මානව චින්තනය අවධි තුනක් ඔස්සේ විධික‍්‍රම ගොඩනැගෙන බව කියයි.
                                01. ප‍්‍රාථමික චින්තනය
                                02. ආගමික චින්තනය
                                03. විද්‍යාත්මක චින්තනය
         මේ අනුව මානව සමාජයයේ ආගමික සංස්ථාවේ ආරම්භයට පාදක වූ විශවාස හා කි‍්‍රයාකාරකම් පද්ධතියක් ලෙස අභිචාර හදුන්වා දෙයි.
    ජේම්ස් පේ‍්‍රසර් ද අභිචාර ව්‍යාජ විද්‍යාවක් ලෙසට දක්වයි.ඔහු එය දක්වන්නේ පහත වර්ගීකරණය අනුවයි.
                                                             අභිචාර ( MAJIC )
--------------------------------------------------------=----------------------------------------------
න්‍යායාත්මක (ව්‍යාජ විද්‍යාවක් )                                          ප‍්‍රායෝගික (ව්‍යාජ කලාවක් )

                                                                             ප‍්‍රකටාර්ථ අභිචාර    -   අනිශ්ටාර්ථ අභිචාර

   
           මෙම වර්ගකර දැක්වීම අනුව සියලූම අභිචාර මිනිසා භාවිතා කරන අන්දම හා ඒවායින් මිනිසාට ඇති කරන ප‍්‍රථිඵලය අනුව නැවත කොටස් දෙකකට බෙදයි.
                                        01. යහපතට කෙරෙන අභිචාර (White magic)
                                        02.අයහපතට කෙරෙන අභිචාර දුරාචාර ( Black magic )
    මෙයින් White magic මිනිසාගේ යහපතටත් Black magic මිනිසාගේ අයහපතටත් භාවිතා කරනු ලබයි. Black magic ස්වභාවය නම්  "Black Magic" is any form of occult ritual, practice or belief system which the observer considers unethical or forbidden by the observer's religious or philosophical beliefs. (http;/www.google.com/wekepedia/majick)

            (ELEMENTARY FORMS OF REGIOUS LIFE) නැමැති කෘතිය රචනා කරමින් එමිල් ඩුර්කයිම් ආගම හා අභිචාර පිළිබඳව සාකච්ජාකර තිබේ.මෙහිදී ප‍්‍රාථමික මිනිසාගේ විශ්වාස හා කි‍්‍රයාකාරකම්වල අන්ත දෙකක් හදුනා ගනී.
                             01. ලෝකෝත්තර (පාරිශුද්ධ )                                                                                                                      02. ලෞකික (පාරිශුද්ධ නොවන)
             මෙයින් ලෝකෝත්තර වූ පාරිශුද්ධ දේ මූලිකව ගොඩ නගාගත් ක‍්‍රියාකාරම් පද්ධතිය ඩුර්කයිම් ආගම හා අභිචාරාත්මක ක‍්‍රියාකාරකම් ගොඩ නැගෙන බව දක්වයි.මෙම අංශ දෙකේ අවියෝජනීය සබඳතාවයක් ඇති බව ඔහු දක්වයි.මෙම අදහස් උපුටා දක්වමින් රැුඞ්ක්ලිෆ් බ‍්‍රවුන් ආගමික වත්පිළිවෙත් සමාජ ඒකාබද්ධතාවය ඇතිකරන බවද අභිචාර සමාජ විරෝධී ලක්‍ෂණ පෙන්නුම් කරමින් පුද්ගල අරමුණු හා ආත්මීය ලෙස සිදුවන අතර ආගම ප‍්‍රතික්‍ෂ්ප කරන්නක් බවද ඔහු දක්වයි.

            මේ පිළිබඳව මානව විද්‍යාඥයකු වූ මහාචාර්ය බ්‍රොනිස්ලෝ මැලිනොව්ස්කි විසින්ද අධ්‍යයනයන් සිදු කොට ඇත.ප‍්‍රාථමික ජනයා තමා දන්නා උපක‍්‍රම වලින් පමණක් අභිමත ප‍්‍රථිඵල නොලැබෙන කල්හි අභිචාර වල පිහිට පතන බව පවසයි.එය ස්වභාව ධර්මයාගේ කි‍්‍රයාකාරිත්වය මිනිසාගේ අවශ්‍යතාවයන් තෘප්තතිමත් කර ගැනීමට යොදා ගැනීම යනු එය විද්‍යාත්මක දැනීමක් එම ජනතාවට තිබූ බව ඔහු දක්වයි.ඒ නිසා අභිචාර විධි වනාහි තමන් දන්නා කාර්මික උපක‍්‍රම වලින් ඉටු නොවන කාර්්‍ය භාරයන් ඉෂ්ඨ කර ගැනීමට දරන ප‍්‍රයත්නයක් ලෙස දක්වා ඇත.
           මැලිනොව්ස්කි ශාන්තිකර සාගරයේ දූපත්වල ජීවත් වන ට්‍රෝබියන් (Trobriand ) නම් ගෝත‍්‍රික ජනතාව පිළිබඳ කළ අධ්‍යයනය තුළදී එම ජනතාව ඔරු සෑදීම, ගෙවතු වගාව, උද්‍යාන වැවීම, ආදිය පිළිබඳ උසස් දැනුමක් පවතින නිසා අභිචාර වල පැවති කෘත්‍යසාධ්‍යතාවය මුල්කරගෙන ඒ පිළිබඳව උනන්දුවක් පවතින බව දක්වයි. (අමරසේකර, සමාජ මානව විද්‍යාව,2001) අකුණු කුණාටු ආදී ගැටලූ වලදී , ගංවතුර නියඟය වනසත්ව හානි ආදී ගැටලූ වලදී අභිචාර භාවිතා කළ අයුරු ඔහු දක්වයි.
            රේමන්ඞ් පර්ත්  (REMAND PERTH) ගේ අදහස් ද මෙහි සඳහන් කිරීම ප‍්‍රයෝජනවත් වේ.ඔහුගේ මානව ප‍්‍රභේද කෘතිය තුළදී දක්වා ඇත්තේ මානව පාලනයක් පිළිබඳ න්‍යායක් මත භාහිර ලෝකය වෙත කිසියම් ප‍්‍රායෝගික අරමුණක් කරා මානව ආශාවන් ඉදිරිපත් කරන එහෙත් රීතියක් ලෙස අභිචාර හදුන්වා දේ.මෙහිදී ද දක්වන්නේ මිනිසුන්නේ ප‍්‍රායෝගික අරමුනු මුල් කොට ගෙන අනුගමනය කරන අනර්තික වත්පිළිවෙත් බවය.
          අභිචාර පිළිබඳ න්‍යාත්මක විග‍්‍රහයක් කරන E.E.එවන්ස් පි‍්‍රචාර්ඞ් සුඩාන් ගෝත‍්‍රික සමාජයක් වූ ආසන්ඬේ ප‍්‍රාථමික සමාජය අධ්‍යයනය කර ලියූ WITCH CRAFT ORACLES AND MAGIC AMONG AZANDE කෘතිය තුළදී අදහස් දක්වමින් කියා සිටිනුයේ අභිචාරකයන් උපතින්ම එම බලය සහිත බවය.මෙය පිටින් ලැබෙන දෙයක් නොවනබවත් එය මාන ලෙස හදුන්වනු ලබයි. ආසන්ඬේවරුන්ගේ අභිචාර දක්වන ප‍්‍රිචාර්ඞ් දක්වන්නේ අභිචාර සංකීර්ණවූ පිළිවෙත් පද්ධතියක් ලෙසටය.එහිදී ප‍්‍රධාන අංග තුනක් ඇති බවත් එය එකිනෙකට සම්භන්ධ බවත් පෙන්වා දේ.

                                               හූනියම් ( With craft )
               
                නිමිති  (Divination  )                                          පේන  (Oracles)

          මෙහිදී පේන හා හූනියම් එකානෙකට ගැටෙන මාර්ග දෙකක් ඔස්සේ ගමන් කරන බව දක්වයි.එසේ පේන වල අවසානය හූනියම් වල මූලය හදුනා ගැනීම බව ඔහු දක්වයි.

             අභිචාර පිළිබඳ විමසීමේදී ශ‍්‍රි ලංකාවේ අභිචාරයන් පිළිබඳවද දැක්විය යුතුය.ශ‍්‍රිලංකාවේ ගොඩ නැගුණු අභිචාර ක‍්‍රමයන් මූලිකව වර්ග කීපයක් දැක්විය හැකිය.

                   01. බුදුන් වහන්සේ හා ති‍්‍රවිධ රත්නය හා සම්භන්ධ යාතු කර්ම.
                   02. සමස්ත දේශයටම බලපාන ප‍්‍රධාන ප‍්‍රාදේශීය දෙවියන්ට කරන යාතුකර්ම.
                   03. ජීවිතයේ වැදගත් අවස්ථා හා සම්භන්ධ ද්වාරකර්ම.
                   04. ග‍්‍රහ දෙවියන්ට කරන යාතු කර්ම.

මෙයට අමතවරව අභිචාර අරමුණු අනුවද නැවත බෙදිය හැකිය.
                    01. දෛනික ජීවිතයේ අර්බුධකාරී අවස්ථා.
                    02. වෘත්තීය හා පුද සිරිත්.
                    03. අපරාධ හා දඩුවම් වලට.
                    04. වාර්ෂික මංගල්‍යය.

            මේ අනුව ප‍්‍රාථමික සාමාජයේ තිබූ යම් යම් අභිචාර ක‍්‍රමයන් වෙනස් වෙමින් වුවද මිනිස් අවශ්‍යතාවන් හා සම්භන්ධ වෙමින් අද දක්වාම පැවතීගෙන එයි.
          මේ අනුව සමස්තයක් ලෙස මූලිකව අභිචාර සත්‍ය අසත්‍ය ලෙස දකින විමසුම් නුවණ වෙනුවට එහිදී මූලික වන්නේ භක්තිය හා විශවාසයයි. ( අමරසේකර, සමාජ විමසුම, 13 කලාපය, 2009, 86 පිටුව) ප‍්‍රාථමික සමාජ තුළදී ලෝකයේ සිදුවන අත්භූත ලෙස දුටු පාලනය කළ නොහැකි යම් යම් සිදුවීම් සඳහා නොපෙනෙන බලවේග ඔස්සේ තම යහපත අපේක්‍ෂාකිරීම අභිචාර වලදී සිදු වූ බව කිව හැකිය.එහිදී ඩුර්කයිම් පෙන්වා දුන් පරිදි සමාජයයේ ඒකාබද්ධතාවයක් මේ නිසා ඇතිවන බව කිව හැකිය.මෙම අභිචාර මනුෂ්‍ය යහපත මෙන්ම අයහපත ද එම නොපෙනෙන බලවේග වලට ඇතිකළ හැකිය යන්න ප‍්‍රාථමික වැසියන් තූළ වූ බව කිව හැකිය.

  

                                        ප‍්‍රාථමික සමාජයන්හි අභිචාරවල වැදගත්කම

            උක්ත දක්වන ලද අභිචාරාත්මක පිළිවෙත් සමුදායන් අද දක්වාම පැවත එ්ම ඍජුව බැහැර කළ නොහැකි එහි මනුෂ්‍ය අවශ්‍යතාවන්ට සුවිශේෂී මෙහෙයක් මෙමඟින් ඉටුකරනු ලබන බව කිව හැකිය.එසේ නොවන්නට අභිචාර මෙතෙක් කාලයක් පැවතීමට ඉඩ නැත.ඒ කෙසේ වුවද ප‍්‍රාථමික සමාජය තුළ මෙම අභිචාර කුමන කාර්්‍යයක් ඉටුකර ඇත්ද යන්න දැක්වීම වැදගත් වේ.
             ඇතැම් සමාජවල යම් යම් තහංචි  Taboo ඇති බවද එම තහංචි කඩ කිරීම බරපතල වරදක් ලෙස ඔවුන් දුටුවහ.එය දේව උදහසට ලක් වන බව ද පිළි ගැණුනි.ඔවුන්ගේ සමූහයම මෙය පිළිගැනුණු විශ්වාස පද්ධතියක් තිබී ඇත.මෙම අභිචාර පිළිබඳ විමර්ශනය කළ රැඞ්ක්ලිෆ් බ‍්‍රවුන් පොලිනීසියානු සමාජය ආශ‍්‍රයෙන් මෙය පෙන්වා දේ.එහිදී අලූත උපන් බිළිඳෙකු අතින් ඇල්ලීම, මළ සිරුරක් ස්පර්ශ කිරීම, අපවිත‍්‍ර දෙයක් ලෙස පෙන්වා දෙන අතර එම තහංචි කඩ කිරීම වරදක් බව ඔවුන් පෙන්වා දේ. මේ ආදී කිලිටු  අපවිත‍්‍රතා නැතිකිරීම සඳහා ඉන්දියාවේ පූජා පැවැත්විණි.ඒ අනුව ඒවා දොස් නසන ඉන්දීය අභිචාර විධික‍්‍රමයන් ලෙස තිබිණි.
              ප‍්‍රාථමික අභිචාර පිළිබඳ මැලිනොව්ස්කි දක්වන ආකාරයට ට්‍රෝබියානු මුහුදේ මාලූ හිඟවූ කාලයන් හීදී එය නැතිකරවීම සඳහා ඔවුන් කරන අභිචාර පිළිවෙත් ගැන දක්වයි.ඒ අවධියේ දී කුඩා මසුන් අල්ලා ගිණි ගොඩක් ගසා ඒ වටා නටමින් මන්ත‍්‍ර ගායනා කරන අතර එම මසුන් අහසට විසිකරන චාරිත‍්‍රයක් ඇති බව පෙන්වා දේ.මෙම දැල්වූ ගින්දර එළියට දිලිසෙමින් පහලට වැටෙන මාලූන්ගෙන් මාලූ වර්ෂාවක් සංකේතවත් කරන බව දක්වයි.ගායනා කරන මන්ත‍්‍රවල බලයෙන් මෙම මාලූවර්ෂාව මෙන් මුහුද මාලූන්ගෙන් වැඩිවේ යැයි ඔවුන් විශ්වාස කළ බව පෙන්වා දේ. එසේම මෙම තෝබියානුවන් මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන විට තරු උපයෝගි කොට ගෙන තම ගමන් මාර්ගය සොයා ගැනීමට ඔවුන්ගේ අභිචාරමය කි‍්‍රයාවන් හේතු වී ඇති බව දක්වයි.
             ජේම්ස් පේ‍්‍රසර් අධ්‍යයනය කළ බැටැක් ගෝත‍්‍රය ආශ‍්‍රයෙන් දක්වන කරුණුද ප‍්‍රාථමික සමාජයන්හි අභිචාර වල වැදගත්කමට උදාහරණ සපයයි.ඔහු දක්වන පරිදි එම සමාජයයේ දරුඵල නැතිවී ගිය කාන්තාවන්ට එයින් අත්මිදීම සඳහා අභිචාරක‍්‍රම යොදාගන්නා බව පෙන්වා දේ.එහිදී දරුවකුගේ අනුරුවක් සාදා එම අනුරුව දරුපලනැති කාන්තාවකගේ ඇකයේ තබා නැලවිලි ගී ගායනා කරමින් නළවා සුරතල් කරනු ලබන බව පෙන්වා දේ.එමඟින් එකී කාන්තාවන්ට දරුපල ලැබෙන බව ඔවුන් විශවාස කර ඇත.
                මෙම අභිචාරමය ක‍්‍රියාවන් අද සමාජයයේ යම් යම් මිනිසුන්ගේ විශවාසයන් හා සමඟද සමාන කමක් දක්වයි.උදාහරණයක් වශයෙන් අදද පොළොන්නරුවේ ඇති ශිව ලිංගය හා සම්භන්ධ වත් පිළවෙත් දැක්විය හැකිය.එම විශවාසයට අනුව දරුපල නැති කානතාවකට මෙම ශිව ලිංගය මත හිඳගැනීම තුළින් දරුපල හිමිවන බවට ඇති විශ්වාසය දැක්විය හැකිය.
      තෝටමායනය තුළදීද  ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රාථමික වැසියන් චුයින්ගා නැමැති කැන්ගරුවාගේ ඇට කැබැල්ලකට දක්වන ගෞරවය හා පිළිගැනීම එම සමාජය තුළ ඇති බව දක්වයි.කරුණකි.එනම් සමාජයේ සාමාජිකයන් විසිරී සිටීම වෙනුවට අභිචාර විශ්වාසයන් මඟින් සියලූ දෙනාම එක් විශ්වාස පද්ධතියක් තූළට එක් ජීවන ක‍්‍රමයක් තුළට එක්තැන් වීම මේ මඟින් සිදුවූ බව ඔහු දක්වය.එම ඇටකැබල්ල අදහන්නන් එක් සමාජයක සාමාජිකයන් ලෙස ඔවුන් සලකයි.මේ අනුව සමාජයේ සාමාජිකයන් එකතු කරන සහ ඩුර්කයිම් දක්වන පරිදි සමාජ ඒකාබද්ධතාවය මේ තුළින් සිදු වීම වැදගත් කරුණක් ලෙස දැක්විය හැකිය.
           එසේම සජීවි දෘෂ්ටිය තුළදී මැනා යන ගුප්ත බලවේගයද මුලූ විශ්වය පුරාම පැතිරී ඇති බලයක් ලෙස සලකන බව මැරාට් දක්වයි.මේ පිළිබඳව ඔවුන් විශ්වාසයන් ගොඩ නගා එයින් තමාගේ සාර්ථකත්වය අපේක්‍ෂා කරන් ලබයි.
           මේ ආදී කරුණු සමස්ථයක් ලෙසට ගත් විට පෙනී යන කරුණක් වන්නේ ප‍්‍රාථමික වැසියන් අධිභෞතික බලවේග සහ ගුප්ත විශ්වාස සමඟ මිනිසුන් දැඩිව සම්භන්ධ වී සිටින බවයි.එම සබඳතාවය ඈත අතීතයේ සිටම සවිඥානිකව අද දක්වාම පවත්වාගෙන එන අතර එයින් යම් සන්තෘෂ්ඨියක්,  සහනයක් ප‍්‍රාර්ථනා කරනු ලබයි.කෙසේ වුවත් තාක්‍ෂණය විද්‍යාව දියුණු වුවත් එම විශ්වාස පද්ධතීන් මනිසුන්ගේ ආකල්පයන් එම සිත් වලින් ඉවත් කරවීමට නොහැකිවී ඇත.
         උක්ත දැක්වූ අභිචාර පිළිබඳ විමර්ශනය කිරීමේ දී ප‍්‍රාථමික සමාජය පිළිබඳ විශ්වාස පද්ධතිය හදුනා ගැනීමට හැකිය.ඒ තුළින් ප‍්‍රාථමික ජනයාගේ ජීවන ක‍්‍රමය මෙම විශවාස පද්ධතිය හා කෙසේ බැඳී ඇත්ද යන්න පිළිබඳව අවබෝධයක්් ලබා ගැනීමට මෙම අභිචාර වැදගත් වේ.ප‍්‍රාථමික සමාජයයේ පවතින සමාජ ප‍්‍රතිසංස්කරණ සහ ජීවන ප‍්‍රතිසංස්කරණ උත්සව වල සැබෑ අරුත තේරුම් ගැනීමට හැකිය.ප‍්‍රාථමික සමාජයයේ යම් යම් සිදුවීම් වලදී අභිචාරමය උත්සව පවත්වනු ලබයි.තහංචි බිඳ දැමූ අවස්ථාවන් වලදී එයින් සිදුවූවායැයි විශ්වාස කරන වරද දෝෂය නිවැරදි කර ගැනීමට එම උත්සව ආදිය පවත්වයි.එයින් සිදුවූ චිත්ත පීඩාව නැතිවී යථා ජීවිතය සාර්ථක කැගැනීමට මෙම අභිචාර වැදගත් වූ බව කිව හැකිය.
          එමෙන්ම මිනිසුන්ගේ ආතතිය ආවේග පාලනය ආදිය අයහපත් ප‍්‍රතිපලවලට යා නොදී ආරක්‍ෂාකාරී ලෙස පවත්වාගැනීමට අභිචාර උපයෝගී වේ.ඒ අනුව මරණය, නියඟය, අස්වැන්න අහිමිවීම, ලෙඩරෝග හටගැනීම, ආදිය තුළදී මිනිසාට වැළැක්විය නොහැකි වීම මිනිස් බලාපොරොත්තු සුන්වීමකි.මෙවන් අවස්ථාවලදී මිනිසුන් ඉච්ජාභංගත්වයට පත් වීමසිදුවේ.මෙවැනි අවස්ථාවලදී නොපෙනෙන බලවේග තුළින් පිහිටපැතීම සිදුකර ඇත.ඒ අනුව මනුෂ්‍ය කි‍්‍රයාකාරිත්වයන් යහපත් අයුරින් පවත්වාගෙන යාමට මෙම අභිචාර වර්තමාන සමාජයයේ වැදගත් වන්නට ඇත.ඒ අනුව මානසික වශයෙන් ප‍්‍රාථමික සමාජයයේ වැසියන් තුළ අර්බුධකාරීත්වයක් මතුවීම වැළැක්වීමෙහිලා ජීවන ක‍්‍රමය සමාන්තරව පවත්වාගැනීමෙහිලා අභිචාර ආදිය ඉතාවැදගත් කාර්යයක් එම සමාජය තුළ ඉටුකර ඇති බව දැක්විය හැකිය.
-----------------------------------------------------------------------------------------------------------------------------
        මිනිසා ආරම්භයේ සිටම ගොඩනගාගත් යම් යම් විශ්වාස පද්ධති තුළ එල්බගෙන එය තම ජීවිතයට සම්භන්ධ කොට ගත් ජීවන ක‍්‍රමයක් ප‍්‍රාථමික ජනයා තුළ පැවතිණි.එම විශ්වාස සම්ප‍්‍රධායයන් එම ප‍්‍රාථමික ජනයාගේ එදිනෙදා ජීවිතයේ අත්දුටු ගැහැටවලින් මිදීම අරමුණුකොට ගෙන සමාජය තුළ සංස්ථාපණය කරගෙන ඇත.ජීවිතයේ උපරිම සතුට සොයා යන මිනිසුන් දුක් කම්කටොලූ අවස්ථාවන් මඟහැර යාමට මිනිසා සහජය කොට ගත්තකි. නමුත් එය මඟහැර යා නොහැකි දෙයක් ලෙසට සමාජ චින්තාවන් ගොඩනැගීමත් සමඟ ඒ සඳහා යම් යම් කි‍්‍රයාවන් ඇතිකරගත්හ.මේ තුළින් යම් යම් බලාපොරොත්තු ඉටු වේ යැයි නොපෙනෙන බලවේග තුළින් බලාපොරොත්තු වීම සිදුවිය.මෙම කි‍්‍රයාකාරකම් පද්ධතිය අභිචාර ලෙස හදුනාගත් බව උක්ත ලිපිය තුළින් පැහැදිලි වේ.
             මේ අනුව අභිචාර ක‍්‍රමයන් එදා සිට අද දක්වාම මිනිස් අවශ්‍යතාවයන් මඟින් හැඩගැසී පවතී.එනම් එක එල්ලේම බැහැර කළ නොහැකි මිනිස් විශ්වාසන් හා බැඳී පැවතීම එයට හේතුව වී ඇත.කෙසේ වෙතත් මෙම අභිචාරමය ලක්‍ෂණ තුළින් ප‍්‍රාථමික ජනයාගේ ජීවන ක‍්‍රමය හදුනා ගැනීමෙහිලා ඉතා වැදගත් වේ.එමෙන්ම නූතන මිනිසාගේ ජීවන ක‍්‍රමයන්ද අවබෝධ කරගැනීමෙහිලා මෙම අභිචාරයන්ගේ වත් පිළිවෙත් යොදාගත හැකිය.මේ අනුව මිනිසාගේ භෞතික දේ තුළින් ප‍්‍රථිථල නොලද අවස්ථාවන් වලදී නොපෙනෙන බලවේගවල පිහිට ලබා ගැනීම සඳහා මෙම අභිචාර වත් පිළිවෙත් උපයෝගිකරගන්නා බව දැක්විය හැකිය.
            මේ නිසා අභිචාර මිනිසුන්ගේ යහපත් අයහපත් බලාපොරොත්තු විශ්වාසයන් වෙනුවෙන් තර්කනයෙන් තොරව හුදු විශ්වාස පිළිගැනීම් මත පමණක් පදනම්වගොඩ නැගී පවතින සමාජයේ සංස්කෘතියට බද්ධව ජනවිඥානය පදනම්ව පැවතීගෙන එන්නනක් ලෙස දැක්විය හැකිය.
යූ . එ් . රුවන් කුමාර
         
(BA.sp.(hon), MA- peradeniya, HRM.dip)

Monday, November 3, 2014

ගැබිබර ජාතිවාදය

ගැබිබර ජාතිවාදය




ගැබිබර ජාතිවාදය
වැඩිහිටියාගේ ප‍්‍රශ්නය

ඇසෙන නෑසෙන
දර්ගා අහස ගුගුරුවන දෝංකාරය
මනසින් මසසින් ඇසිය යුතු
මතු නොඅසන්නටය
තිදශකයේ මලකුණ වැළලු තැන
ලගින පර කපුටන් ජාතිකවාදයේ නපුංසකත්වය කැටුව
හිරිකිත සංසර්ගයේ සුරතාන්තය සොයති
වද යෝග පිළිනොගත් පරදේස දූෂකයෝ නොකැමැති ගර්භාෂය මතුයෙහි
අන්තවාදී ධාතු තැන්පත් කරන සපල දින සති දනිත්
බෙදුමිවාදයේ ගැබිණිය ගැබ නොරිදා
සෙමෙන් ඔසවන පා දැකුමි
රිසි දනන් තම අසුන් කලුකාසි පිරිණමති
සඵල දරු ගැබෙි සිහින් පක්‍ෂපාත සැර වැර පා වැර පිරික්සුම වස්
වින්නඹු පිල්ලේ දින සටහන් ලිපි ලියති
මූලධර්මවාදී දොලදුක් සංතෘප්තියේ නිඝන්ඨවාදී ආශාවන් වෙනුවෙන්
ජීවිතදාන පූජාවන් සාධු සමිමත අගයන්
පරිභවයට වෙන් කෙරෙති
දිනෙන් දින නෙරන උදරය බැලූ බැල්මෙි
එක් උපතක් නොව
නිවුන්, තුන්නිවුන්, සිවි, පස් නිවුන්
ගැනීම දරුස්මාන්ට වඩා උගහට වනු නිසැක
දෙමුහුන් ජාතිකවාදී යුක්තානුවෙි මෙිරූ ගැබ් ඵලය
මුසල්මානු සිහල පරෙවි වෙසින් ප‍්‍රසූත
පර කපුටු ජාතිකවාදයේ අන්තවාදයේ පරිපෝෂණයම ද ?

පොඩිහිටියාගේ පිළිතුර

පද්මා යැයි සිහින් රැව් දුන්
පද්මිනී පන්තියේ පරම මිතුරු පාතිමාගේ
අත් බැද නිදහස් චතුරසේ සිව් කොනින්
එසවුණු සුදු පරෙවි රෑන
තල්ගසේ අතු පතර
පිපුණු අරලියා මලේ සුදින්
අඩහද තරු එලියකොට
දර්ගා අහසේ දහම් වැස්සෙන්
එල්ලූ තේරු පෙරහැරේ චිත‍්‍රය
ලෝක සිතුවමි උළෙලක රන් තිලිණය
මුතු ඇටයේ ගෙල පැළැන්දුව
අපූර්ව සිංහාවලෝකනය
මගේ
පුංචි
රටයි....





                                    යූ . එ් . රුවන් කුමාර  (BA.sp.(hon), MA- peradeniya, HRM.dip)

 

බඹර වළල්ල, 2010 සිට 2015 දක්වා

බඹර වළල්ල, 2010 සිට 2015 දක්වා


බඹර වළල්ල සිනමා කෘතිය තුළින් විදහා දැක්වීමට උත්සාහ කළ සමාජ    යථාර්තය විචාරයට
2010 සිට 2015 දක්වා

                         
හැඳින්වීම

          සිනමාව හුදෙක් විනෝදය විසූක දස්සනය පමණක් නොව එය ප‍්‍රශස්ත රසවින්දනයක් සඳහා වූ නිමිත්තකි.හොලිවුඩයෙන් ආ එළිෆන්ට් බෝයි, චින්තාමනි, දුලසි, බයිස්කෝප් වේ.බර්ග්මාන්ගේ ෆැනී ඇන්ඞ් ද ඇලෙක්සැන්ඩර්, කුරෝසොවගේ රෂෝමෝන්, සත්‍යජිත් රායිගේ පාතර් පංචලී, සිනමා කෘතීන්ය.මේ සෑම දෙයක්ම චිත‍්‍රපට ලෙස සාමූහිකව හැඳින්විය හැකිය.මේ අතර කලාත්මක මෙන්ම වාණිජ චිත‍්‍රපටද ඇත.ඒවා වින්දනය හා විනෝදය සඳහාද වේ.මේ නිසා චිත‍්‍රපටය අත්‍යවශ්‍යයෙන්ම ජනතාවාදී කලාවක් සේ දැක්විය හැකිය.කෙසේ වෙතත් උසස් රසයක් හො හරයක් හුදී ජනතාව වෙතට සන්නිවේදනය කළ හැක්කේ ප‍්‍රකාශනයේ ඇති නිරවුල් බව හා සරළ බව තුළිනි.

                මේ තුළින් සිංහල සිනමාව තුළ මෑතකදී බිහිවූ බඹර වළල්ලට හිමි ස්ථානය කුමකද? යන්න පිළිබඳව විවිධ විචාරක ප‍්‍රබුද්ධිය අවදි කර ඇත.මෙම ලිපිය තුළින් බඹර වළල්ල තවත් එක් සිනමා කෘතියක් පමණක් ද යන්න පිළිබඳව අවධාරණය කරනු ලබයි.අතුල ලියනගේ ගේ බඹර වළල්ල සිනමා කෘතිය විනදනාත්මක කලා කෘතියක් වශයෙන් සමාජයට ඉටුකරනු ලබන කාර්යය සේම එය හුදෙක්ම සමාජ යථාර්තය විවරණය කර බැලීම මෙහි අරමුණ වේ.හුදු විචාරයක් පමණක් නොව දාර්ශනික ලෙස සෞන්දර්යය කලාව තුළ බඹර වළල්ල සිනමා කෘතිය තුළින් සමාජ යථාර්තය හුවා දක්වන ආකාරය පිළිබඳව යම් කථිකාවක් ගොඩ නැගීම මෙම ලිපිය තුළ සිදුකර ඇත. 

කලාව සහ සිනමාව

           මිනිසා සෞන්දර්යය හා සම්බන්ධ වීම කාල වකවානු තුළ ගොනු කළ නොහැකි පරාසයක් තුළ පැතිරෙන්නක් වන්නේ එහි ඇති පුළුල් සහ සංකීර්ණත්වය නිසාවෙනි.මේ නිසාවෙන් කලාව පිළිබඳ විවිධ විචාර මතයන් ඉතිහාසය පිරික්සීමේදී දැකගන්නට ඇත.18 වන සියවසේ විනෝදාස්වාද මාධ්‍ය බිහිවූ අතර ඒ තුළින් සෞන්දර්යය ක්‍ෂේත‍්‍රය පිළිබඳ නව ආකල්ප ගොඩනැගුණි.කලාව පිළබඳ නව අදහස් රාශියක් ඉදිරිපත් කර ඇත.ඇරිස්ටෝටල්ට අනුව

”කලාව යනු හැඟීම්හි පරිශෝධන බවයි.”

                එනම් කලාවේ පරමාර්ථය ලෙස ඔහු දකින්නේ අවුල් වී ඇති මිනිස් හැඟීම් පිරිසිදු කර එක් අරමුණක් කරා ගෙනඑ්ම බවයි. කාල් මාක්ස් හා ඔහුගේ අනුගාමිකයින් කලාව දකින්නේ මෙලෙසිනි.

”කලාව සෞන්දර්යාත්මක රසවින්දනයන් ලබා දෙන මනඃකල්පිත නිර්මාණයක් නොව පුද්ගල සමාජය වෙත යථාර්ථය විදහාපාන විද්‍යාවක් මෙන්ම සමකාලීන සමාජයේ ආර්ථිකය හා සමාජ තත්වය විදහාපාන්නකි.”

                දාර්ශනිකයකු මෙන්ම සුප‍්‍රකට බුද්ධිමතකු වූ ලියෝ ටෝල්ස්ටෝයි කලාව පිළිබඳ මෙසේ දක්වා ඇත.

”කලාව යනු මිනිසා විසින් දියුණු කරගනු ලැබූ උත්කෘෂ්ඨ වූද, සම්භාව්‍ය වූද , වේදිතයන් අන්‍යයන් වෙත සම්පේ‍්‍රශණය කිරීම අරමුණු කොටගත් මානව කි‍්‍රයාවලියකි.”

                කෙසේ වුවත් මෙම නිර්වචන දෙස බැලීමේදී කලාව සැබවින්ම පුද්ගලයාගේ ඥානය, ආශාව, හැඟීම යන විඥානය අවධි කරවන මාධ්‍යයක් ලෙස කොම්ෙටිට අනුව පෙන්වා දිය හැකිය.මේ හරහා දාර්ශනික ප‍්‍රශ්න ලෙස සෞන්දර්යය විද්‍යාවේ හදුනා ගනු ලැබූ කලාව කලාව සඳහා ය, කලාව සමාජය සඳහාය යන ප‍්‍රශ්න අතුරින් කලාව සමාජය සඳහාය යන ප‍්‍රශ්නය මූලිකව මෙම බඹර වළල්ල සිනමා කෘතිය ගොනු කරනු ලැබේ.

              මිනිස් රසඥතාවය අවධි කිරීමෙහිලා කලාවේ පරම අභිලාෂයක් වන සමාජයට යම්දෙයක් ලබා දීම යන කාරණය මූලිකව අන් කලාවන්ට වඩා සිනමාව ඉදිරියෙන් සිටී. මෑතකදී ආරම්භ වුවත් එය වත්මන් සමාජය තුළ ප‍්‍රබල කාර්්‍යයක් ඉටුකරනු ලබයි.වත්මන් ලාංකීය සිනමාව පිළිබඳ විවිධ කථිකාවත් ඇත.සිනමා නිර්මාණයක් සමාජයේ යථාර්තය එළි දක්වන සමාජයට සේවාවක් කිරීමේ අරමුණෙන් කළ හැකිය.එමෙන්ම වාණිජ පරමාර්ථ මූලිකව ද සිදුකළ හැකිය.මේ දෙකම අයත් වූ චිප‍්‍රපටද විය හැකිය.මේ දෙකම අහිමි චිත‍්‍රපටද තිබිය හැකිය.කෙසේ වුවත් මෑතකදී බිහිවූ සමාජ යථාර්තය එළි දක්වන සිනමා නිර්මාණයක් ලෙස බඹර වළල්ල පෙන්වා දිය හැකිය.යථාර්තය සාමාන්‍ය කරණය වී ඇති සමාජයයේ එහි ඇති සංවේදීතාව මෙම කලා කෘතිය තුළින් සමාජය පිළිබඳ මසැස හා මනැස අවධි කරන්නට සමත් වී ඇත.අප දකින සමාජ වටපිටාවට වඩා එපිටින් ඇති ලෝකය පිළිබඳව සිදුවන සිදුවීම් පිළිබඳව යථාර්තය අවබෝධ කර ගැනීමට අතුල ලියනගේ බඹර වළල්ල සිනමා කෘතිය කෙසේ විවරණය කර ගත හැකිද යන්න සලකා බැලීම වටී.


බඹර වළල්ල , සමාජ යථාර්තය හා අද දවස

                 කලා නිර්මාණයක් දෙස දහසක් දෙනා දහස් ආකාරයකින් බලා තේරුම් ගන්නා සේම බඹර වළල්ල සිනමා නිර්මාණයද විවිධ කෝණයන් තුළින් රසවිඳිය හැකි අතර විචාරය කළහැකිය . ඒ අනුව ගෝණමඩිත්තේ පොඩි එකා සහ මැල් මහත්තයා විසින් පණ පොවන මෙම සිනමා කෘතිය විවිධාකාර කෝණ තුළින් අපට බඹර වළල්ලේ අර්ථයන් කියවීමට හැකිවේ.ඒක් අතකින් අපට මාක්ස්වාදී කියවීමක් කිරීමට හැකිය.පොඩි එකාගේ සිට රාළහාමි දක්වාම මාක්ස් වාදී අදහස් තුළින් ඉදිරිපත් කරන සමාජ න්‍යය සංකල්ප ඔස්සේ යමින් මාක්ස්වාදී කියවීමක් මෙම සුවිශේෂී නිර්මාණය තුළ දැක ගන්නට හැකිය. විශේෂයෙන්ම මාක්ස්ගේ පංති විග‍්‍රහයේ සිට බලන විට බඹර වළල්ලේ ඇති සෑම චරිතයක්ම ධනපති පංතියේ බලය විසින් නිර්ධන පංතියේ ශ‍්‍රම සූරාකෑම නිරූපණය කරන්නකි.මාක්ස් වාදී ආකෘතිය තුළ ප‍්‍රාග්ධනය යන කාරණය ආර්ථික සාධක හරහා මෙම පංති දෙකේ ගැටීම තුළින් බඹර වලල්ල කියවීමට හැකිය.

               මනෝ විශ්ලේෂණවාදී ආකෘතියක් මඟින් සිග්මන් ප්‍රොයිඞ් හා ලැගාන් දැක්වූ න්‍යාය ආශ‍්‍රයෙන්ද බඹර වළල්ල තවත් අයෙකුට කියවිය හැකිය.ප්‍රොයිඞ් දැක්වූ ඉඞ්, ඊගෝ, සුපර් ඊගෝ යන මනසේ ආකෘතිය හරහා පොඩි එකාගේ සිට සෑම චරිතයක්ම කියවිය හැකිය.මෙවන් අවස්ථාවලදී පුද්ගලයකු ක‍්‍රියා කරන ආකාරය පිළිබඳව පැහැදිලිව මෙම සිනමා කෘතිය තුළ දකින්නට ලැබේ.

                 මෙහි පැහැදිලිවම පරිසර සාධකත් සමඟත් කියවීමට හැකියි.එනම් මිනිසුන් වෙනස් කරනුයේ පරිසර සාධක මත බව මෙහිදී පැහැදිලිව දක්වා තිබෙන කාරණයක්.පොඩි එකා ගත කරන ජීවිතය ඇතුලේ විවිධ පාරිසරික සාධක වෙනස් වන ආකාරයත් සමඟ පුද්ගල චර්්‍යාවන් සිතුම් පැතුම් කි‍්‍රයාකාරකම් හැඩ ගැසෙන්නේ එම පරිසර සාධක අනුව බව මෙම නිර්මාණය තුළ පැහැදිලිවම හඳුනාගත හැකි කාරණයකි.සමාජය වෙනස් වුවත් පොඩිඑකාගේ පරිසරය ඔහුට කළ බලපෑම මෙම සිනමා කෘතිය පුරාවටම පොඩිඑකාගේ චරිතය නිර්මාණයේදී යොදාගෙන ඇත.

        එමෙන්ම මෙම නිර්මාණය දේශපාලන සාධක හරහා ද කියවීමට හැකි සිනමා නිර්මාණයක් වේ.වර්තමානයට අදාල දේශපාලන චර්්‍යාවන් මෙම බඹර වළල්ල තුළදී අතුළ ලියනගේ විසින් යොදා ගෙන ඇත.මිනීමැරුම්, මත්ද්‍රව්‍ය වෙළදාම්, ලිංගික අතවර, හමුවේ නීතියේ බලාධිකාරය සැකසෙන අයුරු මෙහිදී පෙන්වා දී ඇත.

                මේ කුමන ආකාරයෙන් විමර්ශනයට ලක්කලද බඹර වළල්ල සිනමා කෘතිය තුළින් අධ්‍යක්‍ෂකවරයා ගත් උත්සාහය කැපී පෙනේ.කෙසේ නමුත් මෙම නිබන්ධනය තුළදී උක්ත දැක්වූ ක්‍ෂේත‍්‍රයන් අතුරින් මාක්ස්වාදී සංකල්ප සහ සිග්මන්ඞ් ප්‍රොයිඞ්ගේ යම් යම් සංකල්ප උපයෝගී කොටගෙන සමාජ යථාර්තය බඹර වලල්ල තුළින් ඔප්නංවා සාමාජ ප‍්‍රතිබ්ම්භයක් නිර්මාණය කිරීමට ගත් උත්සාහය විචාරාත්මකව ඉදිරිපත් කෙරේ.එයට හේතුව වන්නේ අන් සාධක වලට වඩා විශේෂයෙන් මාක්ස්වාදය තුළින් මෙම සිනමා කෘතිය කියවීම තුළ පැහැදිලි ලෙසම සමාජයේ අප දකින අසන එහෙත් අප නොදකින හා නොඅසන සිදුවීම් ලෙස ඒ දෙස උපේක්‍ෂාවෙන් බලා ක්‍ෂණිකව අමතක කර දමන මිනිසුන් ඇති රටකට මෙම සිනමා කෘතිය බඹරයක්ම වීම නිසා ය.

               මූලිකව මෙම කෘතිය රස විඳීමේ දී මෙහි ඇති සියුම් චරිත තුළින් එළිදකින යථාර්තය තේරුම් ගැනීමට පෙර මාක්ස්වාදී අදහස් කීපයක් වැදගත් වනු ඇත.ජර්මන් දෘෂ්ඨිවාදය සහ කොමියුනිස්ට් ප‍්‍රකාශනය යන ග‍්‍රන්ථ තුළින් මෙම අදහස් ඉදිරිපත් කොට ඇත.අපෝහක භෞතික වාදය නැතහොත් පංති දෙකක ගැටීම තුළින් නව පංතියක් බිහිවීමත් මෙහිදී ධනපති පංතිය විසින් නිර්ධන පංතිය සූරාකෑම ග‍්‍රාමීය සුළු ධනේෂ්වරය සහ නාගරික සුළු ධනේෂ්වරය අතරද දක්නට ලැබෙන බව මාක්ස් දක්වයි. ප‍්‍රාග්ධන සාධක මුල්කොට ගෙන ධනේෂ්වරය විසින් නිර්ධනයින්ව අමානුෂික ලෙස භාවිත භාණ්ඩ හෝ හුවමාරු භාණ්ඩ ලෙස යොදා ගැනීම එහිදී දක්නට ලැබුණු අතර හුදෙක් වෙළඳ භාණ්ඩයෙන් තොරව මානුෂික හැඟීමෙන් බැලීමට ඔවුන් කිසිවිටෙකත් උත්සාහ නොකළහ.

                   බඹර වළල්ලේ ප‍්‍රධාන චරිතය පොඩිඑකා වේ.නමුත් මෙම චිත‍්‍රපටය තුළදී පොඩි එකා චරිත තුනක ස්ථරයන් නියෝජනය කරයි. පොඩි එකාගේ ළමා කාළය ‘වළල්ලේ ’මුල් පුරුක නියොජනය කරන්නකි.එසේ නැතහොත් උපතින්ම ධනේෂ්වරය තුළ වෙළඳ භාණ්ඩයක් බවට පත්වීමට උපතින් උරුමවූ සමාජ සංස්කෘතික සාධක මත පොඩිඑකාට සිදුවේ.ගමේ කසිප්පු මුදලාලි නෙ තමාගේ බාප්පාගේ අතකොලූවක් බවට පත් වන පොඩිඑකා ඔහුගේ යටත් සේවකයකු ලෙස ලාභ ප‍්‍රයොජන සඳහා කටයුතු කරයි..අකුරු නොදත් පොඩි එකා බාප්පගේ කූඨ වෙළඳාමි වලට තම ළමාශ‍්‍රමය දියකර හරී.පොඩි එකා විසින් දකින්නේද බලවතාගේ සූරාකෑමේ සිදුවීම් මාලාවන්ය.බාප්පා විසින් තමන්ගේ මව, සහෝදරිය ලිංගිකව සූරා කෑමට ලක්වීම, සහෝදරිය ගෙල වැළලා ගෙන මරණයට පත් වීම අකුරු නොදත්තද සංසංකෘතිය කියවූ පොඩිඑකාට දෑස් පියා බලාසිටිය නොහැකි කරුණක් බවට පත්වේ.ස්තී‍්‍රත්වය ගම තුළ දකින්නේ තිරිසන් ආකාරයෙනි. මතට ඇබ්බැහි වූ තිරිසන් ගති ඇති මිනිසුන් පුරුෂාධිපත්‍ය සමාජයක් තුළ කාන්තාවට ඇති ස්ථානය හෙවත් ඔවුන්ගේ විඥානය ගොඩ නැගී ඇත් ආකාරය මෙයින් පැහැදිලි වේ. එනම්‘‘මම ඇට හිටවල ගස් වවල ඒ ගස්වල ගෙඩි ඉස්සල්ලම කන මිනිහෙක් ’’ යනුවෙන් සමාජයේ ඇති සදාචාරී නොවුණු ප‍්‍රාථමික සමාජයයේ පවා පිළිකුල් කරනු ලැබූ ආකාරයටය.‘‘මුදල් පසුපස හඹා යාම නිසා මනුෂ්‍යත්වය අවතක්සේරු වන බව ’’ මාක්ස් එදා ප‍්‍රාග්ධනය කෘතියෙන් අවධාරණය කර තිබිණි.

                       මෙම සිදුවීම් මාලාව තුළින් අප දකින යථාර්ථය අද සමාජයේ නියෝජනය වන බව දැකගන්නට හැකිය.මෙහි දැක්වෙන සිදුවීම්වලට වඩා කවර සමාජයක් වුවද අනුමත නොකරන සිදුවීම් අප සමාජය වෙළාගෙන ඇති බව දක්වන්නේ එදිනෙදා පුවත්පත් තුළින් දකින සිදුවීම් වල නිර්දය ස්වභාවය එළිදකින නිසාවෙනි.එහිදී තමන්ගේම දියණියන් බිරියන් ලෙස තබා ගැනීම තම කුසින් වැදූ දරුවන් ගණිකාවන් ලෙස විකිණීම තම ළඟම ඥාතීන් අතින් දූෂණයට ලක් වීම ආදිය අද නිතර දකින්නට ලැබෙන සුළභ සිදුවීම් වේ.

              මෙම සිදුවීම් අඩු අධ්‍යාපනය ඇති මිනිසුන් අතර මෙම ගණුදෙනුව සිදුවීම ගමේ ලක්‍ෂණයක් වන අතර නාගරිකව මෙය සිදුවන්නේ හොර රහසේය.මානුෂීය හැඟීම් සියලූ සත්ත්වයින්ටම පොදු වුවක් වේ.නමුත් එය ප‍්‍රකාශනාත්මක භාවය ගම නගරය තුළ භාවිත වන්නේ දෙවිධියකටය.

              අප සුන්දර පිවිතුරු සංස්කෘතික වශයෙන් දූෂ්‍ය නොවූ සැදැහැතියන් වාසය කරන පෙදෙසක් ලෙසට ගම වර්ණනා කරනුයේ නගරයට සාපේක්‍ෂව වේ.1977 විවෘත ආර්ථිකය ලංකාවට හදුන්වා දීමත් සමඟ විශේෂයෙන් ලංකාවේ ප‍්‍රධාන නගර ඇතිවූ වෙනස්කම් හමුවේ දේශීයත්වය විදේශීය බලවේග හමුවේ මිශ‍්‍ර වීමත් නිසා ධනාත්මක මෙන්ම මහාපරිමාණ වශයෙන් ඍණාත්මක බලවේග ස්ථාපිත වීමට පටන් ගත්හ.1978 සහ 2010 යනු එතරම් ඈත කාලීන පරාසයක් නොවේ.එනම් සාම්ප‍්‍රධායික ගම 1978 ත් නගරය 2010 ත් නියෝජනය කරනවා වැනිය.එහෙත් 1977 ට පෙර තත්ත්වයේම පරිසරයක් අද ගම තුළ දකින්නට නොමැති බව සෑම දෙනාම පිළිගනිති.නගරය විවෘත ආර්ථිකය හමුවේ වෙනස් වූ බවද පැහැදිලිය.මෙහිදී පෙන්වීමට උත්සාහ කළේ තවමත් බොහෝදෙනා ගම විග‍්‍රහ කරනුයේ නගරයට සාපේක්‍ෂව යන්නයි.නමුත් ගම දේශීයත්වයේ සංකේතයද ?

           ගෝනමඩිත්ත යනු මෙයින් එක්තරා ගමක් වේ.නගරය ගම දකින ආකාරයට වඩා ගම විසින් ගම දකින්නේ වෙනස් අයුරකිනි.ගෝනමඩිත්තේ පොඩි එකා අත් දකින්නේ මෙම ගමේ නියම යථාර්ථය වේ.ගමේ පෙනෙන සුන්දරත්වයට යටින් දිවෙන ගමේ අමනුෂ්‍යත්වය එළිදැක්වීම බඔරවළල්ල තුළ මා දකින එක් විශේෂත්වයකි.හරක් හොරකම, ලිංගික සූරාකෑම, මත්පැන් ජාවාරම්.ළමා මෙහෙකරුවන්, මනුෂ්‍යත්වය නොදුටු අමනුෂ්‍යන්, ආදීන් මෙහිදී ගමේ දුෂ්ඨත්වය කියාපායි. එක්තරා ආකාරයට මෙම සිදුවීම් නොදැනුවත්කම හා ගම ලෝකය ලෙස දකින මිනිසුන් මෙන්ම තිරිසන් වු ජානමය ලක්‍ෂණ සහිත මිනිසුන් නිසාවෙන් වීමට හැකිය.ගමේ මෙම සුලූ ලෙස සලකන සිදුවීම් නගරයේ වන්නේ මහා පරිමාණ අයුරිනි.එය බලය ඇත්තන්ගේ පිළිසරණ මතිනි.මහා පරිමාණ කොල්ලකෑම් , ගණිකා මඩම්, පාතාලය ආදී වූ සූක්‍ෂම වූ අයුරින් සිදු වනුයේ නගරය මුල්කරගෙන වේ.මේ නිසා ගම සහ නගරය අතර එතරම් වෙනසක් නොදකින අතර වෙනස වන්නේ ඔවුන් දකින ආකාරය සහ නගරයට සාපේක්‍ෂව ගම කුඩා පරිමාණයෙන් වීමයි.

          මේ නිසා ගෝනමඩිත්ත සාම්ප‍්‍රධායික ගමේ නිරුවත හෙළිකරන්නකි.මෙවන් වූ පොඩි එවුන් දහස් ගණනක් අද සමාජය් නොදකින්නේ ද? අද සමාජයේ දෙමාපියන් අහිමි විශේෂයෙන් මව හෝ පියා විදේශ ගතව සිටීම හෝ පවුලින් දුරස් වී සිටීම පවුල්වල ළමයින් නිසි රැකවරණය නොලැබීම හේතුවෙන් අපයෝජන කටයුතු වලට යොදා ගැනීම අද පුවත්පත් වල සුලභ දසුනකි.මෙවන් තත්ත්වයට පත් වීමට ගෝනමඩිත්තේ පොඩිඑකාටද සිදුවීය.පියා අහිමිව බාප්පාගේ හොර කසිප්පු ජාවාරමට උදව් කිරීමට පොඩි එකාට සිදුවන්නේ මවට කළහැකි දෙයක් ඉතිරිවී නොමැති බැවිනි.තම මව සහ අක්කා ලිංගිකව සූරාකෑම සහ විකිණීම පොඩිඑකා අත්විඳි සිදුවීම් වේ.

                අපරිමිත මව් සෙනෙහස අක්කාගේ ආදරය ලැබීමට තිබූ පොඩිඑකා විවෘත ආර්ථිකය හමුවේ රුපියල් විස්සට ලන්සුවට තැබූ එම ස්ත‍්‍රිත්වය සමාජයයේ එක් පැතිකඩක් මතක් කර දෙනුලබයි.එනම් මාක්ස්වාදී විග‍්‍රහයට අනුව ධනේෂ්වරය මානුෂීය හැඟීම් මුදල නොහොත් ආර්ථිකය යන අධෝව්‍යූහයේ විකිණෙන භාණ්ඩයක් පමණක් බවට පත්වීමයි.අම්මයි අක්කයි මායි යනු ධනේෂ්වරය විසින් සූරාකන්නන්ගේ වත්මන් හා අනාගත පරම්පරාවන් නියෝජනය කරන්නකි.

         සිරගෙදර යනු එක්තරා ආකාරයකට පරම්පරා කිහිපයක, සංස්කෘති කිහිපයක,සමාජ කිහිපයක, අවනීතිය, නිතිය විසින් කොටුකරනු ලැබූ විෂම ස්ථානයකි.පොඩිඑකා සිරගෙදර එන්නේ වරදේ ස්වභාවය, දරුණුකම පිළිබඳ තේරුම්ගෙන නොව හැඟීම් වලට ඉවසිය නොහැකි සිදුවීම් දරාගත නොහැකි වීමේ ප‍්‍රථිපලයක් ලෙසය.නමුත් සිරගෙදරින් සුදු පිරුවට ඇඳ පිටවෙන්නේ ගෝනමඩිත්තේ පෙරසිටි පොඩි එකාමද යන්න ගැටලූවකි.අවනීතිය නැමැති කොටු වූ සමාජය තුළදී කුඩා කාළයේ ලද අත්දැකීම් රටේම රජ කරන බව එහිදී අත් දකින්නට එහිදී හමුවූ අය උපකාර වන්නට ඇත.නැවත ගමට එන පොඩි එකා විකල්වූ තම මව බලාගන්නට උත්සාහ කරනුයේ තම මාමාගේද උපකාර ඇතිව වේ.ළමා කාලයේ සිටි පොඩිඑකා සහ සිරගෙදරින් නිදහස් වූ පොඩි එකා වෙනසක් නොමැතිව පෙරසේම ගම හදුනා ගැනීමට උත්සාහ කරනු ලබයි.පොඩිඑකා සිරගෙදර ලද අත්දැකීම් මෙන්ම ගම ද අතදැකීම් වලට මුහුණ දී අභ්‍යන්තරික වෙනස් වීම් ලබුවද පිටින් පෙනුණු තත්ත්වය මත පොඩි එකා ගම හදුනා ගැනීමට වෙහෙසෙනු ලබයි.

           සුළු ධනේෂ්වරයට ගොඩ වීමට උත්සාහකරන අයෙක් ලෙස මාමාව දැකිය හැකිය.මී හරක් විශාල සංඛ්‍යාවක් සිටි මාමා නැතහොත් ආර්ථික අතින් දියුණු වුවත් සමාජ බලය නැති නිසා එය ලබා ගැනීම උදෙසා පොඩිඑකා පාවිච්චි කරනු ලබයි.ඒ සී සෑමේ තරඟය සඳහා පොඩිඑකා සූදානම් කිරීමත් සමඟිනි.ජීවිතයේ කිසිම දවසක තරඟයක නොයෙදුනු නමුත් ජීවිත තරඟයේ බාධක මතින් දුවන පොඩිඑකාට මෙය එක් තරඟයකි.එම තරඟයේදී ඉදිරියට එන කාහට වුවත් නොපෙනී සිට බිම වැට්ටවීමට උත්සාහ කරන මනුෂ්‍ය ස්වභාවය ජීවිත තරඟයේ අත්දකින්නට හැකි පොදු ස්වභාවයකි.නමුත් ඔවුන් දුවන්නේද එකම රවුමේ එකම පිරිසක් වටේ ය.පොඩිඑකාද මේ යථාර්ථය අත්දකින ලද වුවත් අවසානයේ ජයග‍්‍රහණය කරනු ලබයි.එම ජයග‍්‍රහණය සැබවින් ම ජයග‍්‍රහණයක් වන්නේ ද යන්න මෙම සිනමා කෘතිය තුළ පැහැදිලිව පෙන්වා දී ඇත.මෙම තරඟයේ පොඩි එකා ලොකු වැඩක් කළ අයෙකු ලෙස මාමා සලකන අතර වෙනදාට වඩා පොඩි එකාට සංග‍්‍රහ කරයි.මනුෂ්‍යත්වයට සැලකීමට වඩා තම ලාභ ප‍්‍රයොජන ඇති තැනදී සැලකීම බොහෝ අයගේ ස්වභාවය පසක් කර දෙයි.

              දරුවන් හදා වඩා දහසක් සිහින දකින අනාගතය දකින්නට පෙරුම් පුරන මවකට තම දරුවන් වෙනත් අයෙකුගේ ලිංගික ගොදුරුකරුවන් වීම තම සියැසින්ම දැකීම, තම ආදරණීය පුතණුවන් මිනීමැරුමකට හසුවී මිනීමරුවකු ලෙස සිරගෙට යාමත් ස්වාමියා අහිමිවීමත් යන විඳීමට හා දරා ගැනීමට අපහසු සිදුවීම් පටාචාරවට සේම පොඩිඑකාගේ මවටද එකසේ අත් විඳිින්නට සිදුවීම එම මවට සිහිය විකල්වීමට හේතු නොවන්නේ ද ?එම මව හොර රහසේම නගරයට යන්නේ විකල් මනසින් වුවත් මේ අවනඩුව ලෝකයට කියන්නට නොවේ ද ?නමුත් ලෝකයා එයට ප‍්‍රථිචාර දක්වන්නේ වතුර බාල්දියකිනි.පොඩිඑකා එයට එරෙහි වුවත් මාමා එය වලක්වනු ලබන්නේ ලෝකයා ඉදිරියේ මෙම අවනඩුව ඉදිරිපත් කිරීම ඵලයක් නොවන බැවිනි.මෙය සැබෑ යථාර්ථය නොවේ ද? පංති ධූරාවලිය නිසා ආර්ථිකය අධ්‍යාපනය අහිමි ගමේ මිනිසුන්ට ඉහළ තැන් වලින් සාධාරණය එලෙසම ලැබෙන්නේ නැත.දේශපාලනය හෝ වෙනත් කාරණා නිසා හෝ දුබලයන් ලෙස නිහඩ වීමට ඔවුන්ට සිදුවේ.මේ ආදී සිදුවීම් ලෝකයට ඉදිරිපත් කිරීමෙන් ථලයක් නොමැති නිසා යටගැසුණු මෙවන් සිදුවීම් ගණනය කිරීම නිරර්ථක වන්නේ එතරම් වූ අසාධාරනයන් අබිරහස් ලෙස වැලලී තිබීම නිසාවේ.

            සෑම මිනිසකුම උපතේ දීම සහජ ලක්‍ෂණ රාශියක් අතැතිව ඉපදේ.එහිදී පුද්ගල මනස ක‍්‍රියාත්මක වන්නේ මනෝවිශ්ලේෂණ වාදී න්‍යායට අනුව ED නැමැති තත්වයි.එහිදී අවශ්‍ය හැඟීම් ඒ අවස්ථාවේදීම ඉටුකරගනු ලබයි.තිරිසන් සතුන් තුළ දකින්නට ඇත්තේ මෙම තත්තවය වේ. SUPER EGO තත්ත්වය වන්නේ සදාචාරය සිරිත් විරිත් ආදී සමාජමය වශයෙන් ඇති යහගුණයන්ගෙන් පිරි තත්ත්වයක් වේ.මෙම තත්ත්වය වැඩි වීම ශාන්තුවරයකුගේ ගති ලක්‍ෂණ පෙන්නුම් කරනු ලබයි. EGO තත්ත්වය වනාහි පළමු අවස්ථාවේ සහ දෙවන අවස්ථා සමබර කර ජීවන ශෛලිය පවත්වාගෙන යන්නකි. එනම් මනුෂ්‍ය හැඟිම් නීතිය සදාචාරයට අනුව ප‍්‍රකාශ කිරීම වේ.මෙම අවස්ථා තුනම බඔරවලල්ල තුළදී බොහෝ චරිත තුළ දකින්නට ලැබේ.

              පොඩිඑකා පාසල වෙනුවට සිරගෙදර කොටුවූවෙකි.ළමා අවධියේදී ලද කටුක අත්දැකීම් හා සිරගෙදර සිට ගමට එන පොඩිඑකා තාරුණ්‍යය නියෝජනය කරයි.මෙම වයසේ ඇතිවන හැඟීම් පොඩිඑකාටද එකසේ දැනේ.නමුත් එය සදාචාරය නොමැතිනම් SUPER EGO ජීවිතයේ අඩුවෙන් ලද බැවින් මාමාගේ දුව කෙරෙහි තිබූ ආකර්ෂණය පොඩිඑකා දැක්වූයේ අසම්මත ලෙසිනි.සමාජානුයෝජනය සහ ලැබියයුතු ආරක්‍ෂාව, සෙනෙහස නොලැබෙන විටදී ඒවා ඉටුකරගැනීමට දරණ උත්සාහයන් අවසන් වන්නේ නොසිතූ අයුරින්මය.අද සමාජයයේ බෙහෝ අපරාධ, මංකොල්ලකෑම්, දූෂණ සිදුවන්නේ මෙම තත්ත්වය නිසාවෙන්මය.විශේෂයෙන් පාතාලය වැනි අපරාධ සිදු කරන තැන් වල බොහෝ දෙනා අඩු අධ්‍යාපනය හා අඩු සමාජානුයෝජනය හා අසන දකින දේ ආදී ප‍්‍රශ්න නිසාවෙනි.

             මෙම සිදුවීම් මත මාමා නගරයේ මහා පරිමාණ පාතාලය සේ ගමේ පාතාලය තම බලය ක‍්‍රියාත්මක කර පොඩිඑකාගේ කකුල් දෙක කඩනු ලැබේ.මෙහි විශේෂත්වය වන්නේ පුද්ගලයකුට මනසට පහර දෙනවාට වඩා ඉදිරියට යාමට නොහැකි වන ලෙස කකුල් දෙක කඩාදැමීමය.මෙයින් හැඟවෙන්නේ සූක්‍ෂම ලෙස ගම තුළ කි‍්‍රයාත්මක වන බලවේග නගරයේ මෙන් ප‍්‍රසිද්ධියේ නොවූවත් ගමේ තුළද පවතින බවයි.පොඩි එකාගේ දෙවන ජීවිතය නිමා වන්නේ මෙතැක් සිට වේ.පොඩිඑකාගේ තුන්වන ජීවිතය පටන් ගන්නේ සුන්දර ලෙස දකින ගමේ විඳීමට ඇති සියලූ අසුන්දර සිදුවීම් වල පූර්ණ වශයෙන් දැනුමැත්තේකු ලෙසය.තුන්වන ජීවිතයට පන පොවන්නේ සුලූ ධනේෂ්වරය නියෝජනය කරන සූක්‍ෂම නුවණක් ඇති මැල් නැමැත්තකු විසිනි.ඔහු ධනේෂ්වරය මෙහෙය වන්නේ මල්ශාලාව ප‍්‍රධාන ආර්ථික සම්පත කරගෙනය.මල් ශාලාව ආරම්භ කරනු ලබන්නේ අවසන් වී තොගය එම ගොඩනැගිල්ලෙන් ඉවත් කරමිනි.එයින් සංකේතවත් කරනුයේ විවෘත ආර්ථික ක‍්‍රමය යටතේ කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් යුගයේ අවසානය නොවේ ද ?. වී ගබඩාව අවසානය මිනීපෙට්ටි සාප්පුව තුළින් පෙන්වන්නේ කෘෂිඅර්ථ ක‍්‍රමයේ මළගම නොවේ ද ?

            ඉන් පසුව ඇතිවන්නේ අපට විවෘත ආර්ථිකය හමුවේ බත වෙනුවට අසාධාරණ ක‍්‍රමෝපායන්ගෙන් ජීවිතය පවත්වාගැනීමට බල කරන ආර්ථික ක‍්‍රමයක උදාවයි. එය මැල් නම් වූ සූක්‍ෂම සුලූ ධනේෂ්වරය මැනවින් චිත‍්‍රනය කරනු ලැබීමකි.පොඩිඑකා දෙවන ජීවිතය ඇරඔුවේ මාමාගේ අධීක්‍ෂණය යටතේ සී සෑමේ පළමු තරඟයෙනි.දෙවන තරඟය අරඔනුයේ පළමු තරඟයේ ජයග‍්‍රහණය දෙස සතුටින් බලා සිටි මැල් මහත්තයාගේ යටතේ ගිනිඅවි තරඟයෙනි.

               ගමෙන් අහමිබෙන් හෝ නගරයට යන පොඩිඑකා සමාජ පරිසරය වෙනස් වීමත් සමඟ ඔහු නව සමාජ ක‍්‍රමය වැළඳ ගැනීමට දරන උත්සාහය මතුව ආවේ පොඩි එකාගේ ගමේ ලත් අත්දැකීම් මඟින් වේ.එනම් සමාජ ක‍්‍රමය සකස් වීමෙහිලා ළමාකාළයේ අත්දැකීම් උපයෝගීවන අයුරු පෙන්වා දී ඇත.මෙයින් අපට හැෙඟන්නේ ළමා ශ‍්‍රමිකයින් වීදි දරුවන් අධ්‍යාපනය නොලද දරුවන්ගේ අනාගතය සකස් වීමේහිලා ඉදිරි අනාගතයේ තත්ත්වය පිළිබඳව දළ සේයාවක් මවා ගතනොහැකිද යන්නයි.මිනිසා සමාජයට අනුරූප වන්නට ගතවන්නේ ඉතා සීමිත වෙලාවකි.එය හොඳ හෝ නරක අතට සිදුවිය හැකිය.

         ”ගමේ හුරු වම් අත...ඒක ටිකක් හරි මදි ,දකුණින් කාපං.....ගමෙන් ගෙනාපු ලොඩක් දේවල් අතාරින්න වෙනවා නැත්නම් අපට අනාගතයක් නෑ හෙටක් නෑ......... ”

                මෙහිදී පැහැදිලිවම මැල් නම් වූ මිනී පෙට්ටි සාප්පු මුදලාලි නැතහොත් සුලූධනේෂවරය පොඩි එකා නැතහොත් පීඩක පන්තිය සූක්‍ෂම හා තියුණු ලෙස එම පරිසරයට හුරු කර ගැනීමේ මෙහෙයුමයි.මෙය වත්මනට අදාලව දැක්වුවහොත් ගමෙන් නගරයට යන තරුණ පිරිස් මෙම ඛේදවාචකයට මුහුණදේ.දෙමාපියන්ට සරණක් වීමට ගමට යන සමහර පිරිස් නගරයේදී ඇති සංස්කෘතියට අනුගත වීම නිසා පළමුව ගමේ සදාචාර අගනාකම් අතහැර දමනු ලබයි.පසුව එම සංස්කෘතියේ හවුල්කරුවන් වී සමාජ විරෝධී ආකාරයෙන් ජීවත්වන අයුරු දැකගත හැකිය.පාතාලය, අවිආයුධ වෙළඳාම, දූෂණ, මංකොල්ලකෑම් සදහා මෙම පිරිසට සහභාගිවීමට සිදුවේ.මෙමඟින් ජීවිත නාස්ති කරගත් විශාල සංඛ්‍යාවක් සමාජය තුළ හදුනාගත හකිය.

            ”ආයුධ පාවිච්චි කරන්න එපා සල්ලි පාවිච්චි කරපන් ” මාක්ස්ට අනුව ආර්ථිකය මිනිසාගේ ප‍්‍රධාන බලවේගය වේ.මෙය නිසිලෙස හදුනාගත් මැල් මහත්තයා පොඩිඑකා නිෂ්පාදන බලවේගය යටතට හුරුකරනු ලබන්නේ මැල්ගේ අවශ්‍යතාවන් සඳහාය.පැහැදිලිවම මා දකින ආකාරයට අද සමාජ ක‍්‍රමය සැකසී තිබෙන ආකාරයට පංතික‍්‍රමය සකස් වී තිබෙන ආකාරයට වත්මන් නූගත් පිරිස ධනහිමි පිරිසගේ අතකොලූ වීම ස්වභාවික කාරණයක් සේ සැළකිය හැකිය.මේ නිසා අධ්‍යාපනයක් නොලැබීම වනාහි වත්මන් ක‍්‍රමය තූළ යටත් මානසිකත්වයක් ඇති කරන්නකි.

               මැල් මහත්තයා සූක්‍ෂම පුද්ගලයෙකු වන අතර ඔහු සමාජයට බොහෝ උදව් කරනු ලබයි. සුළු ධනේශ්වරයේ එක් ලක්‍ෂණයක් ලෙස මාක්ස් සහ එංගල්ස් දුටුවේ සාධාරණය සහ යුක්ති සහගත චර්යාවක් තමන් අගය කරන බව සමාජයට පෙන්වීම කරනු ලබන බවය .එමඟින් මැල් සූරාකෑමට මානුෂික මුහුණුවරක් ලබා දෙයි.අද සමාජයයේ මානුෂික මුහුණු වරින් සිටින බොහෝ දෙනෙකු උදව් කර ලාභ ප‍්‍රයෝජන ලබා ගැනීමට පමණක් යොමුවන පිරිසක් සිටී.හොඳම උදාහරණයක් ලෙසට වත්මන් දේශපාලන වේදිකාව තුළින් මෙය මනාව පෙන්නුම්කර දක්වයි.

                මැල් විශ්ව විද්‍යාලයෙන් පිටවූ තරුණයෙකුගේ මවගේ අවමංගල්‍ය උත්සවයට උදව් කරනු ලබයි.මා දකින ලෙසට මෙයත් පසු ප‍්‍රයෝජන තකා සිදු කළදෙයක් ලෙසට දැක්විය හැකිය.පසුව තමා අසරණ වූ අවස්ථාවේදී ඔහුව හමු වීමට යාම මඟින් එය පෙන්නුම් කරනු ලබයි.මැල් දක්වන ආකාරයට ”අම්මගේ වුනත් ඉතින් අවමංල්ලෙ උත්සවයක් ” මෙමඟින් වත්මන් සිදුවීම් දෙස උපහාසාත්මක දෘෂ්ටියක්් මේ තුළින් හදුනාගත හැකි අතර වත්මන් සමාජය විවරණය නොකරන්නේ ද ? ඇති කාලයේදී දෙමාපියන් අතහැර දමා උවටැන් නොකර සිටින සමහර දරුවන් මවගේ මරණය පියාගේ මරණය මුදල් විශාල ලෙස වියදම් කර ඉහළ වටිනාකමින් යුත් මිනීපෙට්ටි හා මරණයේ සියලූ කටයුතු එම දරුවන්ගේ වත්පොහොසත්කම් ඇතිහැකියාවන් බලපුලූවන්කාරකම් පෙන්වීමට වේදිකාවක් ලෙස සකසා ගන්නා ආකාරය අද සමජයේ සුලභ වී ඇත.

           ධනපතීන්ගේ පෞද්ගලික පලි ගැනීම් මඟින් සිදුවනුයේ නිර්ධනයින්ගේ අවසානයයි.ඔවුන්ගේ පළිගැනීම් සිදුකරනුයේ අසරන මිනිසුන් හරහාය. අවසානයේ මරණයට පත්වන්නේ ද එම දුප්පත් ජනතාවම වේ.මැල්ගේ ව්‍යාපාරයේ හතුරන් ලෙස දුටු අය විනාශ කිරීමට පොඩිඑකා ඇතුලූ සගයින් උපයෝගීකර ගනී.අවසානයේ දෙපිරිසේම මරණ සිදුවන්නේ එම පිරිසම වේ.මේ අනුව අදද මිනිසුන්ගේ ලෞකික අවශ්‍යතා වෙනුවෙන් සුලූ ලාභයන් වෙනුවෙන් මරණයෙන් පළිගැනීම් සිදුවන අයුරු එදිනෙදා දැකගන්නට හැකි සිදුවීමිය.අනෙක් අතට කුරිරු යුද්ධයේදී ඔවුන්ගේ බල අරගල වෙනුවෙන් දඩමීමා කරගනු ලැබූයේ අහිංසක දමිළ ජනතාවගේ කුඩාදරුවන්ය.විශේෂයෙන් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පුහුණු කරනුයේ ඔවුන්ට නිසි අධ්‍යාපනය නොදී කුඩා අවධියේ සිටමය.පසුව ඔවුන් යුද්ධයේ දී මියගිය පසු ඔවුන්ගේ දෙමාපියන් විඳි දුක් ගැහැට කෙපමණ වන්නට ඇත්ද ?

               මැල් විසින් සිනමා කෘතියේ දී කියනු ලබන පහත ප‍්‍රකාශය මාගේ දැනුමේ හැටියට වත්මන් සමාජයට න්‍යායාත්මක ප‍්‍රවේශයක් මේ තුළින් ගත හැකි බවයි.

” ලස්සනයි කැතයි හොඳයි නරකයි අතරෙ වෙනසක් දකින්නෙ මිනිස්සු තනියෙන් ජීවත්වෙන කොට...මිනිස්සු තවත් මිනිස්සු අතරෙ ජීවත් වෙන්න පටන් ගන්නකොට ඔය හොඳයි නරකයි අතරෙ වෙනසක් නෑ..... ”

         මිනිසා පරිසරයෙන් සමාග‍්‍රහණය කරන දේවල් හරහා තම ජීවිතය නිර්මාණය කර ගනී.වත්මන් සමාජයයේ අප නොදකින යථාර්ථයන් මෙම පරිසරයන් ඔස්සේ කෙසේ සිදුවී ඇත්ද? ඒ නිසා මිනිසා කුරිරු කිරීමට සමාජීය බලවේග බලපාන ආකාරය මෙයින් අවධාරිතය.අද අපරාධකරුවන්ගේ පසුබිම හදුනාගතහොත් මිනිස් ආශ‍්‍රය ඩැඩිවත්ම ඒ සඳහා යොමු වන ප‍්‍රවණතාවය වැඩිවී තිබේ.

            මා දකින ආකාරයට කලාව සමාජය සඳහා විය යුත්තේ එබැවිණී.හොඳ නරක අප සංස්කෘතිය තුළින් අවධාරිත  වුවත් ඒ දෙක අතර අඩු වෙනසක් දකින්නේ එය සාමාන්‍යකරණය වීම නිසාවෙනි.ඒ නිසා අප දකින සුන්දර සමාජයක් ඇත්ද යන්න හදුනා ගැනීම වඩාත් වැදගත්වේ.මිනිසුන්ගේ සංස්කෘතිය සදාචාරය නැති වීමට එක් හේතුවක් ලෙස දුප්පත්කම දැක්විය හැකිය.ආර්ථික බවින් පීඩනය ලබන්නට ලබන්නට මානසික වශයෙන්ද දුප්පත් වේ.කුමාරිගේ චරිතය ගලා යන්නේ සමාජයයේ මෙම අසාධාරණය පසක් කරමිනි.එය ඇයගේ ප‍්‍රකාශයන්ගෙන් පැහැදිලිවේ.

”අපිට ලෝකයක් තිබුන් නෑ..අපේ මුලූලෝකෙම අර රාජගිරයෙ වත්ත ”

”මම මහත්තයා කිව්වේ අපේ ගෙදරවුන් මහත්තයා කියන නිසා.....” -කුමාරි-

”ඉරපායන කල් බලාන හිටිය අහසින් කටට මොනවහරි වැටෙනකම්.” -මැල්මහත්තයා-

              දුකින් පීඩිත වත්මන් සාමාජ කොට්ටාසයක කටුක යථාර්ථය මෙයයි.නාගරීකරණයේ ප‍්‍රථිපලයක් ලෙස ජනයා නගරය තුළ වැඩි වීම නිසා සිදුවූ මුඩුකකු සංස්කෘතියේ ජීවන රටාව මෙයින් පැහැදිලි කරයි.දුප්පත්කම හමුවේ අසරන වන ජනයාගේ ඉරණම සකස් වන්නේ මේ මඟිනි.අඩු අධ්‍යාපනය ඇති එම ජනයා එදාවේල සරිකර ගැනීමේ උත්සාහය නිසා හොඳනරක අතර වෙනසක් දකින්නේ ඉතා අඩුවෙනි.මෙවැනි මුඩුක්කු සමාජයක ගණිකා වෘත්තිය, මත්කුඩු මත්ද්‍රව්‍ය වෙළඳාම පවත්වාගෙන යාමට මෙම සමාජය පුරුදු වී ඇත.අනෙක් අතට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවත් මේ සඳහා යොමුවීමට තම එදිනෙදා අවශ්‍යතාවයන් මඟ පාදනු ලැබේ.අද කොළඹ මුඩුක්කු සංස්කෘතිය බැලූවහොත් මෙය සැබෑවට දැකගත හැකිය.ඒ නිසා බඹර වලල්ලේ කුමාරි යනු මුඩුක්කුවේ එක් චරිතයක පමණි.මෙවැනි චරිත කොපමණ ඇතද යන්න අමුතුවෙන් කිවයුතුනොවේ.

            මැල් මහත්තයා පොඩිඑකාගෙන් ලබාගතයුතු සියලූ අවශ්‍යතාවයන් උවමනාවන් ලබාගෙන ඔහුව විනාශයට පමුණුවීමට දරණ උත්සාහය වනාහි සැබෑලෙසම ධනේෂ්වරයේ මුඛ්‍ය ලක්‍ෂණයක් වන්නේය.පරාර්ථ කාමී චරිත වෙනුවට වත්මන් සමාජය නියෝජනය කරන ආත්මාර්ථකාමී චරිත මැල් හරහා ඉදිරිපත් කරනු ලබයි.මැල්ගේ අවසානය සැබවින්ම ධනේශ්වරයේ අවසානය ලෙස සමහරුන් සිතන්නට ඇත.නමුත් සිදුනන්නේ එයමද ? මැල් මහත්තයා මල් ශාලාව ගෙන ගියේ මැල් මල්ශාලාව ලෙසිනි.අවසානයේ පොඩිඑකා මල්ශාලාව පටන් ගනුයේ නිව් මැල් මල්ශාලාව යන නමිනි.එනම් මැල්ගේ අවසානය ඉතිරි කළ දේ එම දම්වැලේ අනික් පුරුක වෙමින් ඒ සමාජ ක‍්‍රමයේ තවත් මැල් කෙනෙක් පොඩිඑකා හරහා නිරූපණය වන බවය.නර්තනයේ බඹර වලල්ල තුළ කැරකෙන නර්තන ශිල්පියාට එයින් ඉවත්විම අපහසුසේම ජීවන බඹර වලල්ලේ කැරකෙන්නන්ටද එයින් ඉවත් වීම අපහසුවේ.මේ බඹර වලල්ලෙන් අමාරුවෙන් හෝ ඉවත් වූයේ නැත්නම් අපටද වන්නේ පෙට්ටියක් තෝරාගැනීම නොවේ ද ?

             මෙම සිනමා කෘතිය තුළින් පළමු රූප රාමුව වූ හරක් පැටියාගේ සිට අවසාන මිනීපෙට්ටිය දක්වාම සමාජ යථාර්තය ජනිත කරනබව හදුනාගත හැකිය.කලා කෘතියකින් විය යුත්තේද මෙය වේ.එනම් සමාජය නොතේරෙන්නන්ට සමාජය තේරුම් ගැනීමට, සමාජය නොදකින්නන්ට දෑස් හැර සමාජයයේ යථාර්ත ප‍්‍රථිරූපය බලා ගැනීමට ඉඩසැලසීමයි.ඒ අනුව බැලූවහොත් බඹර වළල්ල මෙයට සාධාරනය ඉටුනර ඇත.මෙ සෑම චරිතයක්ම අප සමාජයයේ විවධ වේශයෙන් සිටියි.මේ සෑම සිදුවීමක්ම ලූණුඇඹුල් ඇතිව සිදුවේ.ඒ නිසා මා දකිනුයේ තිරිසන් සතකු ලෙසම ඉපිද මිනීපෙට්ටිය දක්වාම කැරකෙන වලල්ල තුළදී වත්මන් සමාජය දකින්නට ඇති එක් පැතිකඩක් මැනවින් මෙහිදී නිරූපණය කිරීම බඹර වළල්ලේ සාර්ථකව සිදුවී ඇති බවයි.

නිගමනය

             පොඩි එකා පවසන ”මේ දේවල් මට තේරෙන් නෑ ” පරිදිම මේ ලෝකයේ බහුතරයක් මිනිසුන්ට බොහෝ දේවල් තේරෙන්නේ නොමැති තරම්ය.තේරුම් ගන්නට උත්සාහ කරන්නේද නැති තරමිය.පොඩි එකා කියූ ඉපදෙනවාට ජීවත්වන මිනිසුන් දහස් ගණනින් සොයා ගැනීමට හැකිය.ජීවිතයේ අර්ථයක් සොයනු වෙනුවට ජීවිතය විනාශ කර ගන්නා පිරිස අතිමහත්ය.මේ සඳහා පැහැදිලිව හේතු සඳහන් කිරීම නිරර්ථක වන්නේ සමාජය එතරම් සංකීර්ණ නිසාවෙනි.මේ සමාජ ජීවිතයේ එක් පැතිකඩක් මෙලෙස බඹර වළල්ල තුළින් සිනමා කෘතියක් ලෙස ඉදිරිපත් කොට තිබීම පැසසිය යුතුවේ.මේ සඳහා තෝරා ගත් චරිත හැසිර වීමේ දී සමාජයයේ ජීවත්වන මිනිසුන්ගේ සැබෑ චරිත වල නිරුවත පැහැදිලිව සංස්පර්ෂ කිරීමට ඔහු සමත් වී ඇති බව කිව යුතුය.

               වර්තමාන සමාජය තුළ ජීවත් වීමේදී අප අසන දකින ලබන දෑ පිළිබඳව එක් ඛණ්ඩයක් ලෙස නොව සමස්ථයක් ලෙස හුවා දක්වා ඇත.එසේ නැතහොත් හරක් පැටියාගේ සිට මිනීපෙට්ටිය දක්වා ජීවන බඹරය කරකැවෙන ආකාරය පෙන්වා දී ඇත.එමඟින් අප දකින සිදුවීමක මතුපිට ස්පර්ෂ කරනු වෙනුවට ඒ දෙස විමර්ශනාත්මක දෘෂ්ඨියකින් බැලීමට මෙම කලා කෘතිය උපයෝගී කර ගත හැකිය.සමාජයේ සිදුවන මිනීමැරුම් මංකොල්ලකෑම් ස්ත‍්‍රිදූෂණ බාලාපචාර ශ‍්‍රම සූරා කෑම ආදී ධනය බලය ලිංගිකත්වය යන්නෙහි අරගලයන් සේම මිනිසුන්ගේ ඊර්ෂ්‍යාවන් ක්‍රෝධය වෛරය යනාදී සිතුවිලි පිළිබඳ මසැස මනැසට තර්ක කරන්නට පුරෝකතනයන් කථෝපකථනයන් කරන්නට මෙම සිනමා කෘතිය පරමාදර්ශී සිනමා කෘතියක් ලෙස උපයෝගිකරගත හැකි බව කිව හැකිය.මෙම කලා කෘතිය අපට කියවීමට හැකි තරම අනුව දිග පළල අනුව අපගේ පෙට්ටිය අපට තෝරා ගත හැකිය.

ආශි‍්‍රත ග‍්‍රන්ථ නාමාවලිය

ගම්ලත්, සුචරිත         -         සෞන්දර්යය විද්‍යා ඉතිහාසය 1999 ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ 675, මරදාන පාර කොළඹ 10

මල්ලිකාරච්චි, ඩෙස්මන්ඞ්        -         මාක්ස් වාදය හා සාහිත්‍ය විචාරය 2008 සහශ‍්‍ර ප‍්‍රකාශකයෝ 45, මාලිගා කන්ද පාර කොළඹ 10

සදිසි ත්‍රෛමාසික සිනමා සංග‍්‍රහය ( 2000 අපේ‍්‍රල් ) ශ‍්‍රිලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ ප‍්‍රකාශනයක්

සදිසි ත්‍රෛමාසික සිනමා සංග‍්‍රහය ( 2000 ඔක්තොම්බර් ) ශ‍්‍රිලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ ප‍්‍රකාශනයක්
Sunday observer – 04 July 2010
Sunday leader – 7 Augest 2010
The island   05 Augest 2010
 
  යූ . එ් . රුවන් කුමාර (BA.sp.(hon), MA- peradeniya, HRM.dip)